“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය යටතේ සමාජයීය වශයෙන් ප්‍රජාව බලගැන්වීමට දායක වෙමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් මුහුදේ දී තීරණාත්මක සෞඛ්‍ය සහ හදිසි රෝගී අවස්ථා කළමනාකරණය සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව දැනුම්වත් කර බලගැන්වීමේ පුහුණු වැඩසටහනක් 2025 අප්‍රේල් මස 11 වැනිදා වාලච්චේන ධීවර වරාය පරිශ්‍රයේදී පැවැත්විණි.
ඒ අනුව, නැඟෙනහිර නාවික විධාන වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව සංවිධානය කළ මෙම පුහුණු වැඩසටහන මඟින් මුහුදේදී ඇතිවන තීරණාත්මක සෞඛ්‍ය ගැටලු සහ හදිසි රෝගී තත්ත්වයන්හි දී ජීවිත බේරා ගැනීමේ ශිල්පීය ක්‍රම සහ යහපත් සෞඛ්‍ය පිළිවෙත් පිළිබඳ වාලච්චේන ප්‍රදේශයේ ධීවර ප්‍රජාව බලගැන්වීම සිදු කෙරිණි.
එහිදි, මානසික යහපැවැත්ම, ඇබ්බැහිවීම් කළමනාකරණය, හදිසි රෝගී තත්ත්වයකදී මූලික ප්‍රථමාධාර ලබාදීම පිළිබඳ ධීවර ප්‍රජාව න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව දැනුම්වත් කිරීමෙන් අනතුරුව, ධීවර ප්‍රජාව වෙනුවෙන් බෝ නොවන රෝග සම්බන්ධ සායනයක් පැවැත්වීමද නාවික හමුදාව විසින් සිදුකරනු ලැබීය. මෙම පුහුණුවේදී ප්‍රායෝගික පුහුණුවක් ද ලබාදුනි. පුහුණුව අවසානයේදී සහාභාගි වූවන් සඳහා සහතික පත් ද පිරිනැමිණි.
දිගාමඩුල්ල විශේෂ වසන්ත චන්ද්‍රපාල