Home » මඩකලපුවේ නිල ඡන්ද පත්‍රිකා තැපෑලට භාර දී අවසන්

මඩකලපුවේ නිල ඡන්ද පත්‍රිකා තැපෑලට භාර දී අවසන්

by sachintha
April 18, 2025 1:09 am 0 comment

2025 පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද ප්‍රකාශ කිරීමට අවශ්‍ය මඩකලපුව දිස්ත්‍රික්කයේ නිල ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමසාරිස් කාර්යාලය මඟින් තැපැල් කන්තෝරුවලට භාරදීම් කටයුතු ඊයේ (16) සාර්ථකව අවසන් කර තිබේ.

මේ අනුව, මඩකලපුව දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලයේ සිට තැපැල් කන්තෝරු 19ක් සහ උප තැපැල් කන්තෝරු 29කට මෙම පත්‍රිකා භාරදීම් සිදු කළ බව තැපැල් දිස්ත්‍රික් අධිකාරී සෝමසුන්දරම් ජේහන් මහතා පැවසීය. මෙම නිල ඡන්ද පත්‍රිකා යැවීම සඳහා සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාල භූමියේ පොලිස් ආරක්ෂාව තර කර තිබුණි.

මඩකලපුව සංචාරක පී.ටී.ඒ. ලතීෆ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT