Monday, April 21, 2025
Home » බුත්තල නගරය සුළු වැස්සටත් වතුර ටැංකියක්

බුත්තල නගරය සුළු වැස්සටත් වතුර ටැංකියක්

-නිසි පරිදි කානු පිරිසුදු කර නෑ ජනතාවගෙන් චෝදනා

by sachintha
April 18, 2025 1:07 am 0 comment

සුළු වැස්සකට වුවත් බුත්තල නගරය යටවන්නේ නිසි පරිදි කානු පද්ධතිය ශුද්ධ පවිත්‍ර නොකිරීම හේතුවෙන් බව ප්‍රදේශවාසීහු පවසති.

ඔවුන් පවසන්නේ, ඒ හේතුව නිසා බුත්තල – බඩල්කුඹුර මාර්ගය, බුත්තල – වැල්ලවාය මාර්ගය මෙන්ම බුත්තල – කතරගම මාර්ගයේ ඔක්කම්පිටිය මාර්ගයට හැරෙන හන්දිය නිරන්තරයෙන්ම ජලයෙන් යටවන බවයි. මෙම කානු පද්ධතිය නිරන්තරයෙන්ම උතුරා යන්නේ ඒවායේ නිසි නඩත්තුවක් නොමැති නිසා බවත්, නගරයේ මැදට ජලය සමඟ සතරදෙසින් කානු පද්ධතියට එකතුවන කැළිකසළ අපද්‍රව්‍ය ප්ලාස්ටික් අපද්‍රව්‍ය කානුවල සිරවීම නිසා බවත් පෙන්වාදෙන ඔවුහු, ඒවා ප්‍රධාන කානු පද්ධතියට එකතුවීමට පෙර දැලක් හෝ දමා ජලයේ ගසාගෙන ඒම වැළැක්වීමට කටයුතු යොදා තිබුණේ නම් මෙම අවදානම යම් ප්‍රමාණයකට හෝ පාලනය වන බවද පෙන්වා දෙති. බුත්තල කතරගම මාර්ගයේ ඔක්කම්පිටිය හැරෙන හන්දිය ආසන්නයේ ඇති බෝක්කුව අසල කානුවලින් ගලා ආ ජලයේ තිබූ ලී දඬු හා කොටන් ගොඩගැසී සති දෙක තුනක් ගතවුවද එය මේ දක්වාත් ඉවත් කිරීමක් සිදු කර නැතැයි ප්‍රදේශවාසීහු කියා සිටිති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රදේශවාසීයකු මෙසේද කීහ.

Òවැස්සක් වැහැලා දවසක් දෙකක් යනකොට මේ කුණු අයින් කරනවා නම් කානු පිරිසුදු වෙනවා. නමුත් එහෙම කරන්නේ නෑ. ප්‍රාදේශීය සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය කානු උතුරන්න හේතුව මොකක්ද කියලා හොයලා බලන්නේ නෑ. වැස්ස දවසට මේ පාරවල් ටැංකි වගේ. අනතුරු සිදුවෙන්නත් තියෙන ඉඩකඩ බොහොම වැඩියි. ඒ වගේම වතුර නළ මාර්ග මේ හරහා යනවා. හානියක් වුණොත් ඒවා අලුත්වැඩියා කරන්නත් විශාල මුදලක් යනවා. ආයතනවල කොච්චරනම් සේවකයන් ඉන්නවද? නිලධාරීන් ඉන්නවද? මේවා හොයලා බලලා කරනවා නම් කොච්චර දෙයක්ද?Ó

වැල්ලවාය විශේෂ ජී.අයි.ආර්. ගරුසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT