Monday, April 21, 2025
Home » නුවරඑළිය අතුරු සිදුරු නැතිව සංචාරකයන්ගෙන් පිරී යයි

නුවරඑළිය අතුරු සිදුරු නැතිව සංචාරකයන්ගෙන් පිරී යයි

-සියලු පහසුකම් මහ නගර සභාවෙන් ආරක්ෂාව පොලිසියෙන්

by sachintha
April 18, 2025 1:31 am 0 comment

සිංහල හින්දු අලුත් අවුරුද්ද අවසන් වීමත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට දේශීය සහ විදේශීය සංචාරකයන් විශාල පිරිසක් නුවරඑළියට පැමිණ සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

නුවරඑළිය සංචාරක හෝටල් සංගමයේ නිලධාරියකු සඳහන් කළේ, දේශීය සහ විදේශීය සංචාරකයන් විශාල පිරිසක් එක්වරම නුවරඑළිය නගරයට පැමිණීම හේතුවෙන් නුවරඑළිය මහ නගර සභා සීමාවේ සහ ඊට යාබදව පිහිටි ප්‍රදේශවල සංචාරක හෝටල්වල සහ නවාතැන් පහසුකම් ලබා දෙන ස්ථානවල සියලුම කාමර පිරී ගොස් ඇති බවයි. නුවරඑළිය මහ නගර සභාව මඟින් මේ දිනවල පවත්වන වසන්ත උදානයට සහභාගී වීම සඳහා මෙම පිරිස පැමිණ ඇති බවත්, එසේ පැමිණි සංචාරක පිරිස ග්‍රෙගරි වැව, වික්ටෝරියා උද්‍යානය ඇතුළු නුවරඑළියේ සංචාරක ආකර්ෂණය දිනූ සුන්දර ස්ථානවල රැඳී සිටින අයුරු අප කැමරාවේ සටහන් විය. නුවරඑළියට පැමිණෙන සංචාරකයන් සඳහා අවශ්‍ය සියලුම පහසුකම් නුවරඑළිය මහ නගර සභාව මඟින් සංවිධානය කර ඇති අතර, නුවරඑළිය මූලස්ථාන පොලීසිය මඟින් සංචාරකයන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද දියත් කර ඇත.

නෝර්වුඩ් සමූහ – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT