Home » රට වෙනුවෙන් දේශපාලන බලවේග එක්ව ක්‍රියා කිරීම ගැන සතුටුයි

රට වෙනුවෙන් දේශපාලන බලවේග එක්ව ක්‍රියා කිරීම ගැන සතුටුයි

-හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ

by sachintha
April 18, 2025 1:25 am 0 comment

බලය වෙනුවෙන් ගැටුම් ඇතිකර ගන්නවා වෙනුවට රට වෙනුවෙන් සියලු දේශපාලන බලවේග එක්ව කටයුතු කිරීම ගැන සතුටු වන බව හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද ඊට දායකවීමට හැකිවූ බව පෙන්වාදෙන ඒ මහතා ගැටලු විසඳීම සඳහා ඒ ආකාරයෙන් කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද රට ගැන සිතා කටයුතු කිරීම අවශ්‍ය බවද කීවේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා මෙසේද පැවසීය.

“ සියලු දෙනාට ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද වසනාවන්ත සතුට සාමය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. මේ අවස්ථාව රටේ ජනතාවට ඉතා අපහසු තත්ත්වයක්. මේ සිංහල අලුත් අවුරුද්ද කියන්නේ අවුරුද්දක් පුරාවට ගෙයක සතුට සාමය මේ සියල්ල එකතු කරගෙන සමරන ලාංකිකයන්ට සුවිශේෂි දිනයක්. අද අපට පේනවා නිවෙසේ අඟහිඟකම් විශාල ලෙස ගොඩගැහිලා. බලාපොරොත්තු බංගවෙච්ච ස්වභාවයක රටේ ජනතාව කටයුතු කරනවා. බලය ගන්න අද බලය ක්‍රියාත්මක කරන කණ්ඩායම කියපු බොරුවල ප්‍රමාණය කෙතරම් ද ? මේ පිරිස ප්‍රකාශ කර සිටියා අපේ ආණ්ඩුවක් යටතේ තමයි අපි සිංහල අවුරුද්ද බුක්ති විඳින්න සලස්වන්නේ කියලා. විශාල බලාපොරොත්තු ජනතාවට දුන්නා. දැන් ලස්සනට පාර්ලිමේන්තුවේ ආණ්ඩුව ඇතුළේ නාට්‍ය රඟ දක්වනවා. හැබැයි ජනතාවට ඒවා බලලා සැනසුම් සුසුම් හෙළන්න, ප්‍රීතිවෙන්න අවස්ථාවක් නැහැ. ආණ්ඩුව IMF එකට අවශ්‍ය කරන වැඩ ටික හරියාකාරව කරනවා.

රටේ ජනතාවට ඕනෑ කරන වැඩ කරලා දෙනවා අපට පේන්න නැහැ. ඒ නිසා අපට පේන එක දේ තමයි බදු පිට බදු ගහලා මේ පිරිස ලෑස්ති කර තිබෙනවා IMF එක ලබාදී තිබෙන බදු ඉලක්කයට යන්න. අර්බුද පිට අර්බුද. ට්‍රම්ප් මහතා ගහපු බද්දට දැන් පොඩි හුස්මක් අරගෙන තිබෙනවා මාස 3කට නැවැත්තුවා කියලා. හැබැයි ඒ දවසට දෙකට ආයතන කෙතරම් ප්‍රමාණයක් වසා දැම්ම ද කියලා බලන්න. ආයෝජකයෝ කෙතරම් ප්‍රමාණයක් එන එක නැවතුණා ද? බටලන්ද කොමිසම වගේ වාර්තා ගෙනල්ලා මේ නටන නාඩගම නවත්වන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා. කතෝලික ප්‍රජාවට පාස්කුදා ප්‍රහාරය සම්බන්ධව සාධාරණ උත්තරයක් ලබාදෙන්න යැයිද කීවේය.

 

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT