සිස්ටම් චේන්ජ් කරනවා යැයි පැවසූ කිසිවෙක් තවමත් සිස්ටම් චේන්ජ් කර නැතැයි බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ. උන්වහන්සේ එසේ පැවසුවේ කොළඹදී ඊයේ (17) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් උන්වහන්සේ මෙසේ ද පැවසූහ.
තමන්ගේ කෙනෙක් බන්ධනාගාරගත වුණාට පස්සේ කෑම එකක් අරගෙන එනවා. බන්ධනාගාරයේ ඉන්න සමහර අය අර බත් පැකට් එක අරගෙන හැන්දක් දාලා කරකවනවා. කන්න බැරි විදිහට බත් පැකට් එක අනලා, මිරිකලා බෑග් එකට දානවා.
අධිකරණ ඇමැතිතුමා මේවා ගැන හොයන්නේ බලන්නේ නැද්ද?
සිරකරුවෝ ද මනුෂ්‍යයෝ කියනවා. කුඩු තියනවනම්, අයිස් තියෙනවානම්, ෆෝන් තියෙනවානම්, අරවා මේවා තියෙනවානම් ඒවා අහුවෙන ක්‍රමයක් හදන්න. කෑම එක ජරා තත්ත්වයට පත් කර ඒ පුද්ගලයාට කන්න දෙන්න එපා. චේන්ජ් කරන්නම් කියලා ගිය කවුරුවත් තාම සිස්ටම් චේන්ජ් කරලා නැහැ. මේ අය තමන්ගේ සිස්ටම් එක චේන්ජ් කරගන්නවා සාක්කු පුරවා ගන්නවා” යැයි ද කීහ.
රන්මලී සෝමසිරි