Home » දියර කිරි-යෝගට් නැප්තා තෙල් වැට් බද්දෙන් නිදහස්

දියර කිරි-යෝගට් නැප්තා තෙල් වැට් බද්දෙන් නිදහස්

by sachintha
April 18, 2025 12:01 am 0 comment

දේශීයව නිපදවන දියර කිරි, යෝගට් සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට සපයන නැප්තා තෙල් සඳහා අය කළ වැට් බද්ද ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. එකතු කළ අගය මත බදු පනත (VAT) ඉකුත් 9දා පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වීමෙන් අනතුරුව රජය මෙම වෙනස්කම් සිදුකොට ඇත.

ඒ අනුව මෙතෙක් වැට් බද්ද අය නොකළ භාණ්ඩ කිහිපයකට වැට් බදු අය කරගැනීමට ද තීරණය කොට තිබේ. ගුවන් යානා එන්ජින්, ගුවන් යානා අමතර කොටස් සඳහා වැට් බද්ද අය කෙරෙනු ඇත.

එකතු කළ අගය මත බද්දට මෙතෙක් යටත් නොවූ පික්මී, ඌබර්, බුකින් .com ඇතුළු ඩිජිටල් සේවා සැපයීමේදී ද වැට් බද්ද අය කිරීමට තීරණය කළ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ඒ අනුව ඔක්තෝබර් මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අනේවාසික පුද්ගලයන් විසින් විද්‍යුත් වේදිකා හරහා ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ට සපයනු ලබන සේවාවන්වලට වැට් බද්ද අදාළ වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT