Home » මහ සිකුරාදා අදයි

මහ සිකුරාදා අදයි

by sachintha
April 18, 2025 1:55 am 0 comment

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උකුත්වීම සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය අදට (18) යෙදී තිබේ.

ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය, කුරුසියේ ඇණගැසීම සහ මරණය සිහි කරන මහ සිකුරාදා දිනයේදි ලොව පුරා කිතුනු බැතිමත්හු විවිධ භක්ති අභ්‍යාසයන්හි නිරත වෙති.

ජේසුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සිහිකරමින් කිතුනුවෝ අළු බදාදායින් ඇරඹුණු දින 40ක් පුරා නිරාහාර ශීලය, දානමාන, කිතු සමිඳාණන්ගේ කුරුස ගමන සිහිපත් කරන පාද නමස්කාරය යෙදීම ආදි ආගමික වත්පිළිවෙත්වල නිතර වෙති.

දෙව් පුත් කිතු සමිඳාණන් මිනිසා පවින් මුදාගැනීම වෙනුවෙන් සිය දිවි පිදීම කිතුනු බැතිමතුන් සමරන්නේ දුක්ප්‍රාප්ති දේව මෙහෙයන්වලට එක්වෙමින්ය.

මහ සිකුරාදා දිනට පසු ඉරිදාවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථාන වූ බව කතෝලික බැතිමතුන්ගේ විශ්වාසයයි.

උන්වහන්සේගේ උත්ථානය හෙවත් මළවුන් පරදා නැඟිටීම සිහිකරමින් මහ සිකුරාදාට පසුව යෙදෙන ඉරුදින කිතුනු බැතිමතුන් පාස්කු ඉරිදා ලෙස උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.

රක්ෂණ ශ්‍රියන්ත, වත්තල විශේෂ – ජෝශප් පයස්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT