Home » පාසල් සිසුන් දෙදෙනා පානදුර මුහුදේ අතුරුදන්

පාසල් සිසුන් දෙදෙනා පානදුර මුහුදේ අතුරුදන්

by sachintha
April 18, 2025 1:47 am 0 comment

පවුලේ අයවළුන් සමඟ පානදුර මුහුදේ විනෝදයට දිය නාමින් සිටි පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පානදුර දකුණ පොලීසිය පවසයි.

මෙසේ අතුරුදන්වූයේ බණ්ඩාරගම, අටුළුගම සහ වත්තල, හුනුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් ඉර්ෆාන් මොහොමඩ් මහම්මදු සහ යසීර් අර්ෆාත් අහමඩ් නමැති 15 සහ 16 හැවිරිදි සිසුන් දෙදෙනකු බව ද පොලීසිය කීය.

අතුරුදන් පාසල් සිසුන් දෙදෙනා පෙරේදා (16) පස්වරුවේ පවුලේ සාමාජිකයන් සමඟ දියනාමින් සිටියදී එක් සිසුවකු එක්වරම රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර, ඔහු බේරාගැනීමට ගිය අනෙක් සිසුවා ද ගසාගෙන ගොස් ඇති බව සඳහන් වේ.

අතුරුදන් සිසුන් සොයා පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිලධාරීන් මෙහෙයුම් සිදු කළ අතර, බේරුවල සහ පානදුර ධීවර වරායන් වෙතින් ද බෝට්ටු දෙකක් සහායට පැමිණ තිබිණි.

එම දරුවන් දෙදෙනා, ඥාතීන් සහ මිතුරන් සමඟ වෑන් රථයකින් පෙරේදා (16) සවස දිය නෑම සඳහා පානදුර මුහුදු වෙරළ කරා පැමිණ තිබූ බව වාර්තා වෙයි. අතුරුදන් දරුවන් දෙදෙනා ඇතුළු පස්දෙනකු දියවැලකට අසුව ගසාගෙන යමින් සිටියදී තිදෙනකු පානදුර වෙරළ හා නාවික පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම් විසින් බේරාගෙන තිබූ බව වාර්තා වෙයි.

එම සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ එක්දරුවකු දියවැලකට හසුව ගසාගෙන යමින් සිටියදී අනෙක් දරුවා ඔහුව බේරා ගැනීමට උත්සාහ දැරූ අවස්ථාවේදී දෙදෙනාම ඉතා අවාසනාවන්ත ලෙස දියවැලට හසුව ගසාගෙන ගිය බවයි.

අතුරුදන් වූ දරුවන් දෙදෙනාගේ සිරුරු ඊයේ (17) දහවල් වනවිටත් හමුවී නොතිබුණි.

පානදුර දකුණ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

පානදුර සංචාරක – සුමිත් ප්‍රේමතිලක සහ බණ්ඩාරගම සමූහ – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT