ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ ධීවර යාත්‍රාවක ඇතිවූ හදිසි ගින්නක් මැඬපැවැත්වීම සඳහා දකුණු නාවික විධානයට අයත් කණ්ඩායමක සහාය ලබාදීමට 14 වැනි දින නාවික හමුදාව කටයුතු කර තිබේ.
ඒ අනුව ගාල්ල ධීවර වරායේ නැංඟුරම්ලා තිබූ ධීවර යාත්‍රාවක ගින්නක් හටගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික ප්‍රතාප නෞකාව මඟින් නිරීක්‍ෂණය කර, දකුණු නාවික විධානයට අයත් කිමිදුම් සහ වරාය ආරක්‍ෂක අංශයට අයත් නාවික පුද්ගලයන් යොදවා, ගින්න හටගත් යාත්‍රාව අනෙක් යාත්‍රාවන්ගෙන් වෙන්කර ගින්න පැතිරීම වැළැක්වීමට කටයුතු කර තිබේ.
අනතුරුව ප්‍රතාප නෞකාවේ ගිනි නිවීමේ පද්ධතිය ක්‍රියාත්මක කර කිමිදුම් සහ වරාය ආරක්‍ෂක අංශයේ නාවිකයන් මඟින් මහත් පරිශ්‍රමයක් යොදා යාත්‍රාවේ ගින්න සාර්ථකව මැඬපැවැත්වීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.
රක්ෂණ ශ්‍රියන්ත