65
යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත රුපියල් මිලියන 15කට අධික වටිනාකමකින් යුතු කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවකු කිළිනොච්චි, ධර්මපුරම් ප්‍රදේශයේදී පෙරේදා (16) අත්අඩංගුවට ගෙන තිබේ.
කිළිනොච්චි පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කිළිනොච්චි පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී කිළිනොච්චි, පුලියන්පොක්කනෙයි, ධර්මපුරම් ප්‍රදේශයේ නිෙවසක සඟවා තිබූ කේරල ගංජා කිලෝග්‍රෑම් 85ක් (පාර්සල් 40ක්) සමඟ යාපනය උඩුවිල් ප්‍රදේශයේ වයස අවු 28ක පුද්ගලයකු හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහාම වැඩිදියුණු කරන ලද ලොරි රථයක් අත්අඩංගුවට ගෙන ඇත.
ඉදිරි පරීක්‍ෂණ කටයුතු කිළිනොච්චි පොලිස් ස්ථානය විසින් සිදු කරනු ලැබීමට නියමිතය.
රක්ෂණ ශ්‍රියන්ත