Home » යහපත් ලොවක් තනන්න කාන්තාවට ඇති බලය අද්විතීයයි

යහපත් ලොවක් තනන්න කාන්තාවට ඇති බලය අද්විතීයයි

-දකුණු කොරියාවේ සෝල් කාන්තා සමුළුවේදී ශිරන්ති රාජපක්ෂ කියයි

by sachintha
April 18, 2025 1:26 am 0 comment

යහපත් ලෝකයක් හැඩගැස්වීමේදී කාන්තාවට අද්විතීය පරිවර්තනීය බලයක් ඇතැයි ශිරන්ති රාජපක්ෂ මහත්මිය පැවසුවාය. ඇය මෙසේ පවසා ඇත්තේ දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවැති 2025 විශ්ව සාම සම්මේලනයට සමගාමීව පැවැති කාන්තා සමුළුවට එක්වෙමිනි.

ඉකුත් අප්‍රේල් 10 – 13 දක්වා දිනවල මේ සමුළුව පැවැත්විණි. Òසාමයේ සහ සෞභාග්‍යයේ බලාපොරොත්තු සහගත අනාගතයක් කරා කාන්තාවගේ වැදගත් කාර්යභාරයÓ යන තේමාව අවධාරණය කරමින් ඇය මේ දේශනය පැවැත්වීය.

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ආර්යාවක ලෙස ගැටුම් මතින් බිහිවන ජාතීන්ගේ ඔරොත්තු දීමේ හැකියාව සියැසින් දුටු බව ද ඇය එහිදී සඳහන් කර තිබේ.

එවැනි සමාජයක අනාගතය යළි ගොඩනැඟීමේ දී ප්‍රජාවගේ ධෛර්යය සහ වඩාත් ගැඹුරු යහපත් ලෝකයක් හැඩගැස්වීමේදී කාන්තාවන්ගේ පරිවර්තනීය බලය අද්විතීය බව ද ඇය එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

රන්මලී සෝමසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT