මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී අද (18) සිට 27දක්වා පැවැත්වීමට නියමිත සිරි දළදා වන්දනාව සඳහා අවශ්‍ය මූලික කටයුතුවල සූදානම පරීක්ෂා කිරීම සඳහා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික)මහතා මහනුවරට පැමිණියේය.
මහානායක හිමිවරුන් බැහැදැකීමට ද ගිය ආරක්ෂක ලේකම්වරයා, වසර 16කට පසු ලෝකවාසී බෞද්ධ ජනතාවට මේ දුර්ලභ ආධ්‍යාත්මික අවස්ථාව ලබාදීම පිළිබඳව උන්වහන්සේ වෙත සිය කෘතඥතාව පළ කළහ. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින බැතිමතුන් වෙත ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැකබලා ගැනීමට හා වැඳ පුදා ගැනීමට උදා වී ඇති මේ දුර්ලභ අවස්ථාව බෙහෙවින් අගය කරන බව ද, එහිදී ලේකම්වරයා අවධාරණය කළේය.
ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන දින 10ක කාලසීමාවේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඊට සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු තවදුරටත් සඳහන් කළේය. ජනතාවට බාධාවකින් තොරව දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට අවශ්‍ය ආරක්ෂාව සහ පහසුකම් සැලසීම අදාළ බලධාරීන් වන අප සැමගේ සාමූහික වගකීම බව ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළ අතර, බැතිමතුන්ට සාමකාමීව හා ගෞරවනීය ලෙස මේ අත්දැකීම විඳගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට රජයේ පූර්ණ කැපවීම ද තහවුරු කළේය. ඒ අනුව, ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, අවශ්‍ය මූලික පහසුකම් අඛණ්ඩව හා බාධාවකින් තොරව ලබාදීමටත්, මේ වනවිටත් අවශ්‍ය කටයුතු සලසා ඇති බව මහනායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය හමුවේ අවධාරණය කළේය.
තවද, දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් උදෙසා ත්‍රිවිධ හමුදාව සලසා දී ඇති පහසුකම් පිළිබඳ සොයා බැලීමට නිරීක්ෂණ චාරිකාවක් ද ආරක්ෂක ලේකම්වරයා විසින් සිදු කරන ලදි.
ආරක්ෂක ලේකම්වරයා සමඟ යුද හමුදාපති, ආරක්ෂක සේනා මූලස්ථාන (මධ්‍යම) ආඥාපති, 11 වැනි සේනාංකයේ සේනාංකාධිපති, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
රක්ෂණ ශ්‍රියන්ත