Home » සිංහල භාෂා සාහිත්‍ය තරගයෙන් අරුග්ගොඩ ශ්‍රී පරාක්‍රම මහ විදුහලට සමස්ත ලංකා ප්‍රථම ස්ථාන දෙකක්

සිංහල භාෂා සාහිත්‍ය තරගයෙන් අරුග්ගොඩ ශ්‍රී පරාක්‍රම මහ විදුහලට සමස්ත ලංකා ප්‍රථම ස්ථාන දෙකක්

by sachintha
April 18, 2025 1:06 am 0 comment

 

2024 වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සංවිධාන කරන ලද සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියේදී බප/හෝ/අරුග්ගොඩ ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලය නියෝජනය කරමින් ශිෂ්‍යාවන් දෙදෙනකු සමස්ත ලංකා ප්‍රථම ස්ථාන දෙකක් සහ ජාතික මට්ටමේ ප්‍රථම හා තෙවන ස්ථාන දිනාගැනීමට සමත්වී තිබේ.මෙහිදී අත්අකුරු හා භාෂාවේ ශිල්පීය ක්‍රම තරගයෙන් 8 වසරේ ඉගෙනුම ලබන සිතූපා අහිංසි ශිෂ්‍යාව සමස්ත ලංකා ප්‍රථම ස්ථානය සහ ජාතික මට්ටමේ ප්‍රථම ස්ථානය හිමි කර ගත්තාය. පද්‍ය නිර්මාණ හා අවබෝධය තරගයෙන් 9 වසරේ ඉගෙනුම ලබන ඉමාෂි කෞශල්‍යා ශිෂ්‍යාව සමස්ත ලංකා ප්‍රථම ස්ථානයත් ජාතික මට්ටමේ තෙවන ස්ථානයත් හිමිකර ගත්තාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT