Home » අහුන්ගල්ලේ වෙඩි තැබීමක්

අහුන්ගල්ලේ වෙඩි තැබීමක්

by chanaka
April 18, 2025 9:01 am 0 comment

Shooting in Baduraliya

අහුන්ගල්ල පොලිස් වසමේ බලපිටිය, රේවත ප්‍රාථමික විද්‍යාලය අසලදි ඊයේ (17) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලීසිය සඳහන් කළේ,වෙඩි වැදීමෙන් තුවාල ලද පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කල බවය.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ වැලිකන්ද, අහුන්ගල්ල පදිංචි 27 හැවිරිදි විතානගමගේ ලක්ෂාන් මදුසංඛ මුණසිංහ නම් අයයි.

ඊයේ රාත්‍රී 9.35ට පමණ, නාඳුනන පුද්ගලයෙකු විසින් 9ම්ම් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර මෙම වෙඩිතැබීමෙන් තුවාලකරුගේ උදරයට වෙඩි වැදී ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කලුහත් නදිශ් කුමාර ආබ්‍රේව් නොහොත් බාබා යන පුද්ගලයා මෙම වෙඩිතැබීම හා සම්බන්ධ බවට දැනට කරුණු අනාවරණය වී ඇත.

නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ත්‍රිරෝද රථයකින් පලාගොස් ඇති බව වාර්තා වෙයි.

සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකු මේවන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, අහුන්ගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT