Home » අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමක්

අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමක්

by chanaka
April 18, 2025 12:22 pm 0 comment

අමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්ත විශ්වවිද්‍යලයක සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් හයදෙනෙකු තුවාල ලබා තිබේ.

වෙඩික්කරුද පොලිස් වෙඩිපහරකින් තුවාල ලබා රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

වෙඩිතැබීම සඳහා යොදාගත් ගිනිඅවියද පොලීසිය විසින් සොයාගෙන ඇත.

වෙඩිතැබීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලීසිය සඳහන් කරන්නේ, එම විශ්වවිද්‍යාලයේම සේවය කරන පොලිස් නිලධාරිනියකගේ පුත්‍රයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය. ඔහු ඒ සඳහා සිය මවගේ පැරණි තුවක්කුවක් යොදාගෙන ඇති බව සඳහන්ය.

කෙසේ නමුත් සැකකරුගේ වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

අදාළ සිද්ධියෙන් පසු එම විශ්වවිද්‍යාලය තාවකාලිකව වසාදැමීමට බලධාරින් පියවරගෙන ඇතැයි සදහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT