කොලොම්බියාවේ කහ උණ රෝගයෙන් අවම වශයෙන් පුද්ගලයන් 34 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීන් විසින් සිදු කරනු ලැබූ අනාවරණය හේතුවෙන් රට පුරා හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මදුරුවන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන කහ උණ වයිරසය එන්නත්කරණයෙන් ජීවිත කාලය පුරාවටම වළක්වා ගැනීමේ හැකියාව ඇති බැවින් මේ සති අන්තය නිමා වන විට එම එන්නත ලබා ගන්නා ලෙස කොලොම්බියානු රජය ජනතාවට උපදෙස් දී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
එරට සෞඛ්‍ය ඇමැති ගිලර්මෝ අල්ෆෝන්සෝ ප්‍රකාශ කර ඇත්තේ දැඩි අවදානමක් සහිත ප්‍රදේශවලින් මේ දක්වා කහ උණ රෝගීන් 74 දෙනකු හඳුනාගෙන ඇති බවය. කහ උණ ආසාදිතයන්ගෙන් 50% කට ජීවිත අවදානමක් ඇතැයි ද වාර්තා වේ. එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන්ට එළැඹෙන පාස්කු සමයේදී අධි අවදානම් කලාප වෙත යෑමෙන් වළකින ලෙස එරට ජනාධිපති ගුස්ටාවෝ පෙට්රෝ ජනතාවට අනතුරු අඟවා ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.