Home » අමෙරිකාව ලොව පුරා තානාපති කාර්යාල 30ක් වසා දමන්න හදයි

අමෙරිකාව ලොව පුරා තානාපති කාර්යාල 30ක් වසා දමන්න හදයි

by sachintha
April 18, 2025 1:54 am 0 comment

අමෙරිකාවේ රාජ්‍යතාන්ත්‍රික පද්ධතියේ සැලකිය යුතු ප්‍රතිසංස්කරණයක් කිරීමේ අරමුණ ඇතිව ලොව පුරා රටවල් රැසක තානාපති කාර්යාල සහ කොන්සියුලර් කාර්යාල 30කට ආසන්න ප්‍රමාණයක් වසා දැමීමට ට්‍රම්ප් පරිපාලනයේ අවධානය යොමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට අභ්‍යන්තර රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවකට අනුව විදේශයන් හි පවත්වාගෙන යනු ලබන තානාපති කාර්යාල සහ කොන්සියුලර් කාර්යාල වසා දැමීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇත්තේ එරට කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානි එලෝන් මස්ක්ගේ උපදෙස්වලට අනුව බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

අමෙරිකා විරෝධී රාජ්‍යයන් වන සෝමාලියාවේ සහ ඉරාකයේ රාජ්‍යතාන්ත්‍රිකයන් අවම කිරීමට ද ජනාධිපතිවරයාට නිර්දේශ ලැබී ඇති බවත්, වසා දැමීමට යෝජිත විදේශීය රාජ්‍යතාන්ත්‍රික කාර්යාල සඳහා අමෙරිකාවේ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මෙතෙක් අත්සන් තැබූ බවට තොරතුරු වාර්තා නොවන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේ වුවද වසා දැමීමට නිර්දේශ කර ඇති කාර්යාල අතර මෝල්ටාව, ලක්සම්බර්ග්, ලෙසෙතෝ, කොංගෝ ජනරජය, මධ්‍යම අප්‍රිකානු ජනරජය සහ දකුණු සුඩානය ද ඇතුළත් බව වාර්තා වේ. මීට අමතරව ප්‍රංශයේ කොන්සියුලර් කාර්යාල 5ක්, ජර්මනියේ 2ක්, බ්‍රිතාන්‍යයේ සහ දකුණු අප්‍රිකාවේ එක් කොන්සියුලර් කාර්යාලය බැගින් වසා දැමීමට නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT