Home » පාකිස්තානය ඇෆ්ගන් සරණාගතයන් හැටදහසක් රටින් නෙරපයි

පාකිස්තානය ඇෆ්ගන් සරණාගතයන් හැටදහසක් රටින් නෙරපයි

-එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියෙන් වාර්තාවක්

by sachintha
April 18, 2025 1:53 am 0 comment

අප්‍රේල් මාසයේ ආරම්භයේ සිට මේ දක්වා පකිස්තාන රජය ඇෆ්ගනිස්තාන ජාතිකයන් 60,000කට ආසන්න පිරිසක් රටින් පිටුවහල් කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාකිස්තානය දහස් සංඛ්‍යාත ඇෆ්ගන් ජාතිකයන් රටින් පිටුවහල් කිරිම එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ඇතුළු සිවිල් සංවිධාන රැසකගේ කනස්සල්ලට හේතු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. පාකිස්තානයෙන් පසුගියදා පිටුවහල් කරනු ලැබූ ඇෆ්ගනිස්තාන සරණාගතයන් දීර්ඝ කාලයක් පුරා එරට පදිංචිව සිටි අය බවත්, ඔවුන්ගෙන් බොහෝ දෙනකුට පුරවැසි අවසරපත්‍රයක් හෝ ලියාපදිංචි කිරීමේ සහතිකපත්‍ර තිබූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියට අනුව එවැනි සහතිකපත්‍ර සහ ලියාපදිංචි අවසරපත්‍ර හිමි ඇෆ්ගනිස්තාන ජාතිකයන් ලක්ෂ 8කට ආසන්න පිරිසකට පසුගිය මාර්තු මස 31 වැනිදාට පෙර රටින් පිටවන ලෙස නියෝග නිකුත් කර ඇතැයි ද, අවසන් දිනයෙන් පසු ඔවුන්ගෙන් වැඩිදෙනකු බලහත්කාරයෙන් රටින් පිටුවහල් කර ඇතැයි ද එම ඒජන්සි වාර්තා සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT