වර්තමානය වන විට ලොව දරුණුතම මානුෂීය අර්බුදය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වනු ලබන සුඩානයේ සිවිල් යුද්ධය හේතුවෙන් මේ වන විට මිලියන 25කට අධික ජනතාව කුසගින්නේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් වාර්තාවකට අනුව සුඩානයේ සිවිල් යුද්ධය හේතුවෙන් මේ වන විට මිලියන 12කට අධික පිරිසක් අවතැන් වී සිටින අතර, එය මෑත කාලයේ ලොව වඩාත්ම දරුණු මානුෂීය අර්බුදය ලෙස හඳුන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. සුඩාන රජයේ හමුදාව සහ කැරලිකාර හමුදාව අතර වසර දෙකකට වැඩි කාලයක් පුරා පවතින සිවිල් යුද ගැටුම් හේතුවෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව ලක්ෂයකට අධික බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ලොව පුරා රටවල් රැසක් සුඩානයේ අවතැන් වූවන් සඳහා මානුෂීය ආධාර සැපයීමට ඉදිරිපත් වී සිටින බවත්, පසුගියදා ඉන්දීය රජය විසින් ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ටොන් 25ක් ලබා දීමට පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය රජය විසින් සපයනු ලැබූ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ පසුගියදා සුඩාන වරායට ළඟා වූ බවත්, එය එරට අවතැන් වූ ජනතාව වෙනුවෙන් බෙදා හැරීමට හමුදා රජය පියවර ගනු ඇති බවත් ඉන්දියාවේ සුඩාන තානාපති මොහොමඩ් අබ්දුල්ලා ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.