ගෝලීය වෙළෙඳාම උඩුයටිකුරු කරන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තියට අභියෝග කරමින් අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්ත ආණ්ඩුකාර ගැවින් නිව්සම් නඩුවක් ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිය ජනපති බලය අසීමිත ලෙස භාවිත කිරීමට එරෙහිව කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා විසින් පනවනු ලැබූ නඩුව අමෙරිකාවේ ප්‍රාන්තයක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තියට එරෙහිව ගොනු කළ පළමු නඩුව ලෙස ඉතිහාසයට එක්වන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ලොව විශාලතම පස්වැනි ආර්ථිකයට හිමිකම් කියන ප්‍රාන්තය ලෙස සැලකෙන කැලිෆෝනියාව එරට සියලු ප්‍රාන්ත පමණක් නොව ලොව බොහෝ රටවල් අබිබවා යමින් කෘෂිකාර්මික නිෂ්පාදන සිදු කරන අතර, ජනාධිපතිවරයාගේ තීරුබදු ප්‍රතිපත්තිය හේතුවෙන් එම ප්‍රාන්තයේ දැඩි ආර්ථික අර්බුදයක් උද්ගත වනු ඇතැයි අනාවැකි පළ වී තිබේ. කැලිෆෝනියා ආණ්ඩුකාරවරයාගේ නඩු ගොනු කිරීම ප්‍රතික්ෂේප කරමින් ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් නව තීරුබදු පනවනු ලැබුවේ ලොව ආර්ථික අසමතුලිතභාවය තුරන් කිරීම සඳහා බවය. පසුගිය ජනවාරියේදී ජෝ බයිඩ්න් පරාජයට පත්වීමෙන් පසු ඩිමොක්‍රටික් පාක්ෂික කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා මේ දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නඩු 15ක් ගොනු කර ඇතැයි ද වාර්තා වේ.