328
සිනමා සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ චාමර ජනරාජ් පීරිස්ගේ නවතම ටෙලිනාට්‍ය වන ‘අමුතු දිගේ’ අප්‍රේල් 16 වැනිදා සිට ජාතික නාළිකාව ඔස්සේ විකාශය ඇරඹිණි. මෙය ලේඛිකා ප්‍රිසිලා ගොඩහේවාගේ ‘අමුතු දිගේ’ නවකතාව ඇසුරින් නිර්මාණය කරන ලද්දකි.
මෙහි පාලිත සිල්වා, නලින් ප්‍රදීප් උඩවෙල, ෆර්නි රෝෂිණී, සංජය මුරමුදලි, සුගන්ධි ඕෂනි, හංසමාලා ජනකී, හර්ෂිකා රත්නායක, චානුක ප්‍රබුද්ධ, ක්‍රිෂාන් පෙරේරා, දුෂ්‍යන්ති සේවික්‍රම, ඔෂිකා පෙරේරා ඇතුළු නළු නිළියෝ රැසක් රංගනයෙන් එක්වෙති. සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ, කැමරාකරණය මංජුල වනසිංහ, තිර පිටපත රචනය ප්‍රබෝද්‍යා වන්නිආරච්චිගෙනි.