රංගන ශිල්පිනී මිෂෙල් දිල්හාරාට නවතම දකුණු ඉන්දීය සිනමාපටයක් වන ‘බයිලා’ සිනමාපටයට ආරාධනාවක් ලැබී ඇත. මෙය දකුණු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ කේ. වීර කුමාර් තිර රචනය කර අධ්‍යක්ෂණය කළ නිර්මාණයකි. මෙය ආර්. කන්නන්ගේ නිෂ්පාදනයකි. දකුණු ඉන්දීය සිනමා තරු වශයෙන් සැලකෙන සමුතුකාන්, යෝගි බාබු සහ රම්‍යා හම්බිසන්, රාජ් කුමාර් සමඟ නිර්මාණය වන ‘බයිලා’ චිත්‍රපටය රූපගතකිරීම් ආරම්භ කිරීමට පසුගිය දින මිෂෙල් දිල්හාරා ඉන්දීය බලා පිටත්ව ගියාය.
මුල් දකුණු ඉන්දීය රාමේශ්වරම් කෝවිලේදී පූජා පවත්වා, පළමු අදියරේ දර්ශන රූපගත කිරීම් ආරම්භ කරන ලදි. සියලු රූපගත කිරීම් ඉන්දියාව තුළදී සිදු කිරීමට නියමිතය. දින පනහක කාලයක් තුළ රූපගත කිරීම් සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇත. මෙම සිනමාපටයට ගීත රචනයෙන් ලාංකිකයකු වන පොතුවිල් අස්මින් එකතු වේ.
සංගීත අධ්‍යක්ෂණයෙන් සනුක වික්‍රමසිංහ එක්වේ. ගායනයෙන් දකුණු ඉන්දීය ගායක ගායිකාවෝ එක්වෙති. මේ, අදිරන් සිනමාපටයෙන් පසු දිල්හාරාට ලැබුණු දෙවැනි දකුණු ඉන්දීය සිනමාපටයයි. මෙය ශ්‍රී ලංකා රංගන ශිල්පිනියකට ලැබුණු විශේෂ අවස්ථාවකි. ඇය 2024 වර්ෂයේ රයිගම් ටෙලි සම්මාන උලෙළේ වඩාත් ජනගත සම්මානනීය නිළිය බවට ද පත්වූවාය.