සොලිඩාරිඩැඩ් ජාලයේ සාමාන්‍යාධිකාරී (ග්‍රාමීය සංවර්ධන හා තිරසර කෘෂිකර්මාන්තය) ආචාර්ය සුරේෂ් මොට්වානි විසින් කුඩාවතු හිමියන් පිළිබඳව ලියැවුණු මෙම ලිපිය ඉන්දීය උදාහරණ සහ භාවිතයන් ඇසුරින් ඉස්මතු කරන කරුණු බොහෝදුරට Small is Beautiful: Economics as if People Mattered නමැති අර්නස්ට් එෆ්. ෂූමාකර් විසින් රචිත ග්‍රන්ථයෙන් මතුකරන දර්ශනයට සමීප අදහස් මතුවෙයි. 1973 දී ප්‍රකාශයට පත් කරන ලද එම පොත, ආර්ථික විද්‍යාව අන් සෑම කරුණකටම වඩා ජනතාවට සේවය කළ යුතුය යන්න අවධාරණය කරයි.
සුරේෂ් මොට්වානි මෙම ලිපියෙන් අවධාරණය කරන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙන්ම ගෝලීය කෘෂිකාර්මික සංවර්ධනය සඳහා කුඩා වතු හිමියන් බලගැන්වීම ආර්ථිකය මෙන්ම මානව සංවර්ධනය හා සමගාමීව සිදුකළ හැකි ප්‍රමුඛ අංශයක් බවයි. මෙම ලිපිය “Debunking Myths About Smallholder Supply Chain” ලෙස සුරේෂ් මොට්වානි විසින් ලින්ක් ඩින් සමාජ මාධ්‍ය වෙත රචිත ලිපියෙහි සිංහල අනුවාදයයි.
කුඩා ඉඩම් කට්ටි හිමිකරගෙන කළමනාකරණය කරන කුඩා වතු හිමියන් ගෝලීය මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල ආහාර නිෂ්පාදනයට ඉතා වැදගත් භූමිකාවක් දරයි. ඔවුන් කෘෂිකාර්මික ශ්‍රම බළකායෙන් විශාල කොටසකි. කෙසේ වෙතත්, කුඩා වතු හිමියන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය සහ සැපයුම් දාම පිළිබඳව පවතින පොදු මතය යථාවාදී නොවේ. මේ එබඳු මත කීපයක සැබෑ ස්වභාවය පිළිබඳ විමසීමකි.
ආහාර සුරක්ෂිතතාව සහ තිරසර කෘෂිකාර්මික පිළිවෙත් අතර ඇත්තේ අවියෝජනීය බැඳීමකි. ඒවා අනුගමනය කරන කණ්ඩායම් අතර කුඩා වතු හිමියන්ගේ කාර්යභාරය ප්‍රමුඛ වෙයි. නමුත් එහිදී කුඩා වතු හිමියන්ගේ කාර්ය පිළිබඳ නිවැරදි තක්සේරුවක් නොමැතිවීම අභියෝගයකි. මේ අඩු තක්සේරුව නිසාම කුඩා වතු හිමියන් සඳහා සහයෝගය හා සැලකිල්ල අඩු තත්ත්වයක පවතී.
මෙම ලිපියේ අරමුණ කුඩා වතු හිමියන්ගේ සැපයුම්දාම පිළිබඳ දුර්මතයන් පිළිබඳව ගවේෂණය කිරීමයි.
පළමු දුර්මතය
පළමුවැන්න කුඩා වතු හිමියන් අකාර්යක්ෂම සහ අඩු තාක්‍ෂණික භාවිතයකින් යුතු බව
කුඩා වතු හිමියන් පිළිබඳ වඩාත් පොදු වැරදි වැටහීමක් නම්, ඔවුන් සහජයෙන්ම අකාර්යක්ෂම වන අතර නවීන තාක්ෂණයට ප්‍රවේශය නොමැතිවීම ගැටලුවක් බවයි. කුඩා වතු හිමියන් සම්පත් සඳහා සීමිත ප්‍රවේශය වැනි අභියෝගවලට මුහුණ දෙන බව සත්‍යයක් වුවද, ඔවුන් බොහෝ විට ඉතා නව්‍ය සහ ඔවුන්ගේ දේශීය සන්දර්භයට ගැළපෙන තාක්ෂණයන් අනුගමනය කිරීමට හැකියාව ප්‍රදර්ශනය කරයි. මෙපමණක් නොවේ බොහෝ කුඩා වතු හිමියන් ඵලදායිතාව තිරසර ලෙස වැඩිදියුණු කිරීම සඳහා අඩු වියදම් තාක්ෂණයන් සහ දේශීය දැනුම භාවිතා කරයි.
ජංගම තාක්ෂණයේ මෑත කාලීන දියුණුව, උදාහරණයක් ලෙස ස්මාර්ට් කෘෂි ව්‍යාපෘතිය හරහා අපි (ඉන්දියාවේ) කුඩා වතු හිමියන් ලක්ෂ 8කට වැඩි පිරිසකට වටිනා කෘෂිකාර්මික තොරතුරු, කාලගුණ යාවත්කාලීන කිරීම් සහ කෘෂි විද්‍යාත්මක උපදේශන වෙත ප්‍රවේශ වීමට හැකියාව ලබා දී ඇත්තෙමු. මෙම ප්‍රවේශය ඔවුන්ට වඩාත් දැනුම්වත් තීරණ ගැනීමට, භෝග කළමනාකරණය වැඩිදියුණු කිරීමට සහ කාර්යක්ෂමතාව වැඩි කිරීමට අවස්ථාව ලබාදී ඇත.
දෙවැනි දුර්මතය
කුඩා වතු හිමියන්ගේ සැපයුම් දාම බෙදී ඇති අතර වෙළෙඳපොළ පංගුව ඉතා කුඩාය
තවත් ප්‍රචලිත මිථ්‍යාවක් නම්, කුඩා වතු හිමියන්ගේ සැපයුම් දාම පිළිබඳව තක්සේරු කිරීමයි. පොදු අදහස වී තිබෙන්නේ විශාල, වඩා කාර්යක්ෂම අගය දාමවලට (වෙළෙඳපොළට බලපෑම් කළ හැකි ආකාරයේ) ඒකාබද්ධ කිරීමට නොහැකි තරම් විසිරී පවතින බවයි. නමුත් සත්‍ය නම්, කුඩා වතු හිමියන් බොහෝ විට ගොවි නිෂ්පාදන සමාගම් සහ සමුපකාර කණ්ඩායම් පිහිටුවා ගැනීම මඟින් සැපයුම් දාමය සංවිධානය කිරීමට උපකාරී වන එකතු කරන්නන් සහ සකසන්නන් සමඟ සම්බන්ධ වී සිටීමයි. මෙම සමුපකාරවලට කුඩා වතු හිමියන්ගේ නිෂ්පාදනය ඒකාබද්ධ කිරීමට, කේවල් කිරීමේ බලය වැඩිදියුණු කිරීමට සහ ගනුදෙනු පිරිවැය අඩු කිරීමට හැකි වන අතර එමඟින් ඔවුන්ට විශාල පරිමාණ, විධිමත් වෙළඳපොළට සහභාගී වීමට හැකි වේ. ඉන්දියාවෙහි එවැනි FPO 100කට වඩා සාර්ථකව පිහිටුවා ඇති අතර ඒ සඳහා රජයේ සහාය ලබාදෙයි.
ජංගම තාක්ෂණයේ මෑත කාලීන දියුණුව, උදාහරණයක් ලෙස ස්මාර්ට් කෘෂි ව්‍යාපෘතිය හරහා, කුඩා වතු හිමියන් ලක්ෂ 8කට වැඩි පිරිසකට වටිනා කෘෂිකාර්මික තොරතුරු, කාලගුණ යාවත්කාලීන කිරීම් සහ කෘෂි විද්‍යාත්මක උපදේශන වෙත ප්‍රවේශ වීමට හැකියාව ලබා දී ඇත්තෙමු. මෙම ප්‍රවේශය ඔවුන්ට වඩාත් දැනුම්වත් තීරණ ගැනීමට, භෝග කළමනාකරණය වැඩිදියුණු කිරීමට සහ කාර්යක්ෂමතාව වැඩි කිරීමට ඉඩ දී ඇත.
තෙවැනි දුර්මතය
කුඩා වතු හිමියන්ට ගුණාත්මක ප්‍රමිතීන් සපුරාලිය නොහැකි බව
විවේචකයින් බොහෝ විට තර්ක කරන්නේ කුඩා වතු හිමියන්ට, මහා පරිමාණ ගැනුම්කරුවන්ට හෝ අපනයන වෙළඳපොළට අවශ්‍ය දැඩි තත්ත්ව ප්‍රමිතීන් සපුරාලිය නොහැකි බවයි. තත්ත්ව පාලනය කුඩා වතු හිමියන්ට අභියෝගයක් විය හැකි නමුත්, එය ජයගත නොහැකි දෙයක් නොවේ. සුදුසු පුහුණුවක් සහ සහාය ඇතිව, කුඩා වතු හිමියන්ට ඔවුන්ගේ ගොවිතැන් පිළිවෙත් වැඩිදියුණු කර අවශ්‍ය ප්‍රමිතීන් සපුරාලිය හැකිය.
එපමණක් නොව, බොහෝ සහතික කිරීමේ වැඩසටහන් (සාධාරණ වෙළඳාම, පළාත් කෘෂි, කාබනික සහතික කිරීම සහ තවත් බොහෝ ජාතික සහතික කිරීමේ ප්‍රමිතීන් වැනි) කුඩා වතු හිමියන්ට වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාලීමට උපකාර කිරීම සඳහා නිර්මාණය කර ඇත. මෙම වැඩසටහන් මඟින් කුඩා වතු හිමියන්ට සාධාරණ මිල ගණන් ලැබෙන බවත් ඔවුන්ගේ ගොවිතැන් ක්‍රම තිරසර බවත් සහතික කරයි. එමඟින් ගොවීන්ට සහ පරිසරයට ප්‍රතිලාභ ලැබේ.
සිවුවැනි දුර්මතය
කුඩා වතු හිමියන් සහයෝගයෙන් කටයුතු කිරීමට මැලි වෙති.
කුඩා වතු හිමියන් එක්ව වැඩ කිරීමට හෝ අනෙකුත් ගොවීන් හෝ ගැනුම්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අකමැති බවට මිථ්‍යාවක් පවතී. ඇත්ත වශයෙන්ම, බොහෝ කුඩා වතු හිමියන් සහයෝගීතාවයේ වටිනාකම තේරුම් ගනී. සමුපකාර හෝ ගොවි කණ්ඩායම් හරහා, කුඩා වතු හිමියන්ට සම්පත් රැස් කිරීමට, දැනුම බෙදා ගැනීමට සහ ඔවුන්ගේ කේවල් කිරීමේ බලය වැඩි දියුණු කිරීමට හැකිය. මෙම සංවිධාන බොහෝ විට මූල්‍යකරණය, පුහුණුව සහ අලෙවිකරණය සඳහා ප්‍රවේශය ලබා දෙන අතර, ගොවීන්ට තනි අභියෝග ජය ගැනීමට උපකාරී වේ.
එකට වැඩ කිරීමෙන්, කුඩා වතු හිමියන්ට තම නිෂ්පාදන සඳහා වඩා හොඳ මිල ගණන් සාකච්ඡා කිරීමට සහ විශාල වෙළඳපොළ වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීමට හැකි වන අතර එමඟින් ඔවුන්ගේ ලාභදායීතාවය වැඩි වේ.
පස්වැනි දුර්මතය
කුඩා වතු හිමියන්ගේ සැපයුම් දාම සහජයෙන්ම ලාභ නොලබයි.
බොහෝ දෙනෙක් උපකල්පනය කරන්නේ අකාර්යක්ෂමතාව හෝ ප්‍රමාණවත් තරමක් නොමැතිකම නිසා කුඩා වතු හිමියන්ගේ සැපයුම් දාම ලාභ නොලබන බවයි. කෙසේ වෙතත්, පර්යේෂණවලින් පෙන්වා දී ඇත්තේ කුඩා වතු හිමියන්ට නිවැරදි සම්පත්, වෙළඳපොළ සහ පුහුණුව සඳහා ප්‍රවේශය ඇති විට, කුඩා වතු හිමියන්ගේ කෘෂිකර්මාන්තය ලාභදායී තත්ත්වයට පත්කර ගන්නා බවයි. සාධාරණ, විනිවිද පෙනෙන වෙළඳපොළට කුඩා වතු හිමියන් සම්බන්ධ කිරීමෙන් සහ ආධාරක සේවා සැපයීමෙන්, සමස්ත සැපයුම් දාමය වඩාත් ඔරොත්තු දෙන සහ ආර්ථික වශයෙන් තිරසර වෙයි.
ක්ෂුද්‍ර මූල්‍ය සහ ජංගම බැංකුකරණය ඇතුළු නව්‍ය මූල්‍ය ආකෘති, කුඩා වතු හිමියන්ට තම ගොවිපොළ වෙතට ආයෝජනය කිරීමට සහ ඔවුන්ගේ ඵලදායිතාව වැඩි දියුණු කිරීමට පහසු කරයි.
හයවැනි දුර්මතය:
කුඩා වතු හිමියන්ගේ ගොවිතැන තිරසාරභාවයට බාධකයකි
කුඩා වතු හිමියන්ගේ ගොවිතැන තිරසරභාවයට නොගැළපෙන බව සමහරු විශ්වාස කරති, කුඩා පරිමාණ ගොවිතැන ඉඩම් අධික ලෙස සූරාකෑමට හෝ පාරිසරික හානියට හේතු වන බවට තර්ක කරති. කෙසේ වෙතත්, කුඩා වතු හිමියන් බොහෝ විට මහා පරිමාණ කාර්මික කෘෂිකර්මාන්තයට වඩා තිරසර කෘෂිකාර්මික ගොවිතැන් ක්‍රම අනුගමනය කරති. ඔවුන් සාමාන්‍යයෙන් තම භූමියට ගැඹුරු සම්බන්ධතාවයක් ඇති අතර, පසෙහි සෞඛ්‍යය සහ ජෛව විවිධත්වය පවත්වා ගැනීම සඳහා භෝග භ්‍රමණය, අන්තර් භෝග වගාව සහ පුනර්ජනනීය/ කාබනික පිළිවෙත් භාවිත කරති.
ඇත්ත වශයෙන්ම, කුඩා වතු හිමියන්ට සහාය වීම එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කර ගැනීමේ තීරණාත්මක කොටසකි. මන්ද ඔවුන්ට ආහාර සුරක්ෂිතතාව, ජෛව විවිධත්වය සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීමේදී අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කළ හැකිය.
මෙම මූලික කරුණු අනුසාරයෙන් නිගමනය වෙන්නේ කුඩා වතු හිමියන්ගේ ගොවිතැන තිරසර සැපයුම් දාමයන් සඳහා යතුරයි.
කුඩා වතු හිමියන්ට බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදු වුවද, ඔවුන්ට තිරසර, ලාභදායි සහ කාර්යක්ෂම කෘෂිකාර්මික සැපයුම් දාමවල ප්‍රමුඛත්වය හැකියාව ඇත. කුඩා වතු හිමියන්ගේ සැපයුම් දාම වටා ඇති මිථ්‍යාවන් දුරු කිරීමෙන්, කුඩා වතු හිමියන්ට සමෘද්ධිමත් වීමට අවශ්‍ය සහයෝගය ලබා දීම සඳහා පාර්ශ්වකරුවන්ට එක්ව කටයුතු කළ හැකිය. නිවැරදි සම්පත්, පුහුණුව සහ වෙළඳපළ ප්‍රවේශය සමඟින්, කුඩා වතු හිමියන්ට ලෝකය පෝෂණය කිරීමේදී සහ ගෝලීය ආහාර සුරක්ෂිතතාවයට දායක වීමේදී ඊටත් වඩා වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකිය.
සිංහල අනුවාදය:
බුද්ධිකා බ්‍රාහ්මණගේ