මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් තවත් සුවිශේෂී මෙහෙවරක් ක්‍රියාවට නැංවීමට Fems හි පිටුබලය ලබන H.E.R Foundation කටයුතු කළේය. ඒ මෙරට බන්ධනාගාරගතව සිටින කාන්තාවන් ඉලක්ක කරගත් විශේෂ දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවකි. ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව සම්බන්ධ මාතෘකා රැසක් මෙම වැඩසටහන්වලදී සාකච්ඡා කරන ලදි. බන්ධනාගාරගතව සිටින කාන්තාවන්ට තම සනීපාරක්ෂක අවශ්‍යතා ඉටුකර ගැනීම සම්බන්ධයෙන් විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිදු වේ. ඒවා අවම කිරීමේ අරමුණින් H.E.R Foundation විසින් මෙම වැඩසටහන් මාලාව සංවිධානය කරන ලදි.
බෝගම්බර බන්ධනාගාරයෙන් ආරම්භ කරන ලද මෙම වැඩසටහන් මාලාව ඉන් අනතුරුව අඟුණුකොළපැලැස්ස, මීගමුව, කුරුවිට, අනුරාධපුර සහ වැලිකඩ යන බන්ධනාගාර 06දී පවත්වන ලදි. මේ ඔස්සේ බන්ධනාගාරගතව සිටින කාන්තාවන් 250 කට අධික පිරිසක් දැනුම්වත් කිරීමට හැකි විය. ශ්‍රී ලංකාව තුළ ඔසප් සෞඛ්‍ය සම්බන්ධයෙන් පවතින සාම්ප්‍රදායික ආකල්ප වෙනස් කිරීමට Fems දීර්ඝ
කාලයක පටන් කැප වී කටයුතු කරමින් සිටියි. කාන්තාවන්ට ගැටලුවකින් තොරව තම ඔසප් සෞඛ්‍ය අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකි වීමට නම් මෙම ආකල්ප වෙනස් කිරීම මෙන්ම, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා ගැනීමට අවස්ථාව සලසා දීම අත්‍යාවශ්‍යය.
“තරාතිරම කුමක් වුවත් සියලුම කාන්තාවන්ට සමාන අවස්ථා හා පහසුකම් හිමි වන සමාජයක් නිර්මාණය කිරීම සඳහා අප කැප වී සිටිනවා. බන්ධනාගාර තුළ මෙම වැඩසටහන් ක්‍රියාවට නැංවීමේදී අපගේ අරමුණ වුණේ, නිසි අධ්‍යාපනයක් සමඟින් සෑම කාන්තාවකටම ලැබිය යුතු ගෞරවය නොඅඩුව හිමි වන වාතාවරණයක් ඇති කිරීමයි.” Hemas Consumer Brands සමාගමේ අලෙවි කළමනාකාරිනී (කාන්තා සනීපාරක්ෂාව) සචිනි ගමගේ මහත්මිය පැවසුවාය.
“ඔසප් සනීපාරක්ෂාව සඳහා අවශ්‍ය පහසුකම් ලබාගැනීමට සියලුම කාන්තාවන්ට අවස්ථාව තිබිය යුතුයි.
එහෙත් බන්ධනාගාරවලදී එය නිතර නොතකා හරිනු ලබනවා. පසුගිය වසරේ සිටම Fems මෙරට බන්ධනාගාර පද්ධතියට මාසිකව සනීපාරක්ෂක තුවා පරිත්‍යාග කරමින් සිටින නිසා බන්ධනාගාරගතව සිටින කාන්තාවන්ට තම සනීපාරක්ෂක අවශ්‍යතා නිසි පරිදි සපුරා ගැනීමට හැකි වී තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මෙවැනි දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට කටයුතු කිරීම, Fems සන්නාමයේ මෙහෙවරට අදාළ තවත් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙම හවුල්කාරීත්වය ඔස්සේ බන්ධනාගාර පද්ධතිය තුළ කාන්තා සෞඛ්‍යය සම්බන්ධයෙන් පැවති ප්‍රධානතම හිඩැසක් පිරවීමට හැකි වීම අපට මහත් සතුටක්” බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුනරුත්ථාපන කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පැවසීය.