“සිරි දළදා වන්දනාව” මහජන ප්‍රදර්ශනයට මීට ස්වල්ප මොහොතකට පෙර විවෘත විය.
ඒ මෙහි සමාරම්භක අවස්ථාව එක්වෙමින් ජනාධිපති අනුරකුමාර දිසානායක දළදා වහන්සේ වැඳපුදාගෙන නික්ම යෑමෙන් අනතුරුවය.
අද පස්වරු 5:30 දක්වා ශ්‍රී දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවේ.
අනතුරව හෙට (19) දින සිට 27 වැනිදා දක්වා සෑම දිනකම දහවල් 12:00 සිට පස්වරු 5:30 දක්වා සිරි දළදා වන්දනාව පැවැත්වීමට සැලසුම් කර තිබේ.
එසේම “සිරි දළදා වන්දනාව” වෙනුවෙන් පොලීසිය විසින් රථ වාහන කළමනාකරණය සහ උපදෙස් පද්ධතියක් හඳුන්වාදී තිබේ. පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සේවාවන් සපයා ගැනීම මෙන්ම පොලීසිය සහ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසියේ තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම නව පද්ධතිය හඳුන්වාදී තිබේ.
අදාළ උපදෙස් පද්ධතියට පහත ලින්ක් මගින් පිවිසිය හැකිය.
https://daladadekma.police.lk/roads
https://daladadekma.police.lk