Home » ලංකාවට තවත් ජාත්‍යන්තර මලල ක්‍රීඩා පදක්කම් 02ක්

ලංකාවට තවත් ජාත්‍යන්තර මලල ක්‍රීඩා පදක්කම් 02ක්

by chanaka
April 17, 2025 1:10 pm 0 comment

සෞදි අරාබියේ පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මළල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්ව තිබේ.

ඒ, මීටර් 100 බාලිකා ධාවය ඉසව්වෙන් හා මීටර 1,500 තරග ඉසව්වෙනි.

මීටර් 100 බාලක ධාවන ඉසව්වෙන් ධනංජනා සෙව්මිණී ප්‍රනාන්දු එම තරගය තත්පර 11:9:2 කින් නිමාකරමින් එම ඉසව්වේ රිදී පදක්කමද, මීටර 1,500 තරග ඉසව්වෙන් ළහිරු අචින්ත ලෝකඩ පදක්කමක්ද දිනා ගැනීමට සමත්ව ඇත.

ඔහුගේ තරඟ නිමි කාලය විනාඩි 3යි තත්පර 59යි දශම 47කි.

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මළල ක්‍රීඩා ශූරතාවලිය සෞදි අරාබියේදි මෙවර පැවැත්වෙන්නේ 06 වැනි වරට වන අතර එම මළල ක්‍රීඩා තරඟාවලිය ආරම්භ වූයේ ඉකුත් 15 වැනිදාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT