ශ්‍රී ලංකාමෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (Sri lanka Association of Racing Dier And Riders – SLADAR) වාර්ෂිකව සංවිධානය කරන මෝටර් රථ හා යතුරුපැදි තරග මාලාව ‘ශ්‍රී ලංකා සුපර් සීරීස් 2025‘ පසුගියදා එළිදැක්විය. මෙවර තරගමාලාව සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය දක්වන්නේ බීට් එස්.එස්..කොම් ආයතනයයි. (BET SS.com) තරගමාලාව, තරගාවලි හයකින් සමන්විත වෙන අතර වාර්ෂික ත්‍යාග ප්‍රදානයකින් සුපර් සීරීස් තරගමාලාව අවසන් වීමට නියමතය. මෙවර තරග මාලාවට ‘සිංගල් ටී‘ කඳු තරණය, මහමේරුව රැලික්‍රොස් පළමු තරගය, කැල්වරී සුපර්ක්‍රොස් තරගාවලිය, ස්ලාඩාර් සුපර්ක්‍රොස් තරගාවලිය, මහමේරුව රැලික්‍රොස් දෙවන අදියර හා කටුකුරුන්ද මාණ්ඩලික තරගාවලිය ඇතුළත්ව ඇත.
ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමයේ (ස්ලාඩාර්) 41 වැනි මහා සභාරැස්වීමට සමගාමීව කොළඹ 14, ඩිසල් හා මෝටර් ඉංජිනියරින් ආයතනයේදී තරගාවලිය එළිදැක්විය.
ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමයේ නව සභාපති වරයා ලෙස ශමීර අබේනායක මහතා නිතරගයෙන් පත්වු අතර
ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් ඉඳුනිල් රණසිංහ ෙත්රී පත් විය. උප සභාපතිවරුන් ලෙස සාරංග ගුණවර්ධන, ඩෑන් ඩී. සිල්වා තේරී පත්වූහ. චානක හෙට්ටිආරච්චි භාණ්ඩාගාරික ලෙස තේරී පත් විය. නිලධාරී මණ්ඩලයේ සෙසු සාමාජිකයින් ලෙස පුබුදු වික්‍රම, ප්‍රශාන් විජේනායක, රොඩ්නි මේසන්, ඩයන් පීරීස්, ඩිලාන් බණ්ඩාර, මහේෂ් විජේරත්න,නිශාන් වාසලතන්ත්‍රී, උෂාන් පෙරේරා, අන්ද්‍රේ කලවුස් යන සාමාජිකයන් තේරී පත් වුහ. අසංක උනම්බුව, සුමින්ද ඩී. සිල්වා, ඒ.එස්.පී. මයුර පෙරේරා, මලික් ෂාවීර්, නුවන් බණ්ඩාර යාපා පළාත් ලේකම් වරු ලෙස තේරී පත්වූහ.
ගීෂා මුණසිංහ