Home » ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී – ජනිත්ගෙන් රිදී පදක්කමක්

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී – ජනිත්ගෙන් රිදී පදක්කමක්

by sachintha
April 17, 2025 1:12 am 0 comment

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ බාලක තුන් පිම්ම තරග ඉසව්ව මීටර් 15.10කින් නිමා කරමින් රිදී පදක්කම දිනා ගැනීමට මහනුවර සාන්ත සිල්වෙස්තර විදුහලෙන් ජාතික කණ්ඩායමට එක්වූ ජනිත් ලක්ෂාන් සමත් විය. එය සෞදි අරාබියේ දමාම් නුවරදී පෙරේදා ආරම්භ වූ 6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකාව ලැබූ පළමු පදක්කම ද විය. මීට අමතරව ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුව ඉහළ නංවමින් මීටර් 400 බාලක ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ඉරේෂ් මධුවන්ත සමත්වූ අතර, එම තරගය ඊයේ රාත්‍රී පැවැත්වීමට නියමිතව තිබිණි. කාගෙත් අවධානය දිනාගත් මීටර් 100 බාලක තරග ඉසව්වේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට පසිඳු සඳරුවන් සහ ඉමේෂ් සිල්වා සමත්වූ අතර, එම තරගය ද ඊයේ රාත්‍රී පැවැත්වීමට නියමිතව තිබිණි.

මේ අතර මීටර් 100 බාලිකා තරග ඉසව්වේ අවසන් තරගයට එක්වීමට ධනංජනා සෙව්මිණි සමත්වූ අතර, මීටර් 1500 බාලක තරග ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ළහිරු අචින්ත සමත්විය. එම තරග ද ඊයේ රාත්‍රී පැවැත්වීමට නියමිතව තිබිණි.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT