නීත්‍යනුකූල බලපත්‍රයක් නොමැතිව සිංහල අලුත් අවුරුදු දිනවල වැඩි මිලට විකිණීම සඳහා අරක්කු සහ බියර් බෝතල් 72ක් ළඟ තබාගෙන සිටි ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා රත්ගම ප්‍රාදේශීය සභාවට ප්‍රධාන දේශපාලන පක්ෂයකින් තරග කරන අපේක්ෂකයකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලීසිය පැවසීය.
පොලීසියට ලැබුණ තොරතුරකට අනුව රත්ගම බෝපාගොඩ ප්‍රදේශයේ පිහිටි සැකකරුට අයත් අවන්හලට යාබදව ඇති සැකකරුගේ නිවෙසේ තිබී අරක්කු බෝතල් 36ක් සහ බියර් බෝතල් 36ක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. අවුරුදු දිනවල අරක්කු තැබෑරුම් වසා ඇති බැවින් මත්පැන් සොයාගෙන එන පුද්ගලයන්ට සැකකරු අරක්කු බෝතලයක් රුපියල් පන්දහස බැගින් ද, බියර් බෝතලයක් රුපියල් දහස බැගින් ද විකුණා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අවන්හලට පැමිණි කෙනකු මත්පැන් බෝතලයක් ඉල්ලූ විට අවන්හලට යාබදව පිහිටි සැකකරුගේ නිවෙසේ කාමරයක සඟවා තිබූ මත්පැන් තොගයෙන් බෝතලයක් ගෙනැවිත් වැඩි මිලට විකුණා ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.
දකුණු පළාත් සංචාරක – එස්. දීයගහගේ