Saturday, April 19, 2025
Home » කතරගම දේවාලයේ අවුරුදු උත්සවය උත්කර්ෂවත්ව

කතරගම දේවාලයේ අවුරුදු උත්සවය උත්කර්ෂවත්ව

by sachintha
April 17, 2025 1:39 am 0 comment

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2025 අලුත් අවුරුදු උත්සවය අති උත්කර්ෂවත් ලෙස ඉකුත් 14 වැනිදා අලුයම පැවැත්විණි. පුරාණ චාරිත්‍රානුකූලව කිරි ඉතිරවීමේ චාරිත්‍රය සිදුකරන ලදි. සෑම වර්ෂයකම පුණ්‍ය කාලය ලැබීමට ප්‍රථම එළඹෙන සුබ නැකතින් කිරි උතුරවා දේවාලය වසා තබා චාරිත්‍රානුකූලව නැවත නැකැත් අනුව දේවාලය විවෘත කිරීම සම්ප්‍රදායයි.

2025 අප්‍රේල් මස 13 වැනිදා චාරිත්‍ර සිදුකිරීමෙන් දේවාලය වසා තැබූ අතර අලුත් අවුරුදු උදාවෙන් පසු 14 වැනිදා දහවල් 2.00ට දේවාලය නැකත් අනුව වත් පිළිවෙත් සිදුකිරීමට විවෘත කර රාත්‍රියේ අවුරුදු පෙරහර වීදි සංචාරය කරන ලදි.

කතරගම දෙවියන්ගේ සෑම පෙරහර මංගල්‍යයකම චාරිත්‍ර ඉටුකරන ආදිවාසී ජනතාව අලුත් අවුරුදු දා බස්නායක නිලමේවරයා ද හමුවිය. අලුත් අවුරුදු සමයේ අතිවිශාල බැතිමතුන් පිරිසක් කතරගම පුදබිමට වන්දනාමාන කිරීම සඳහා පැමිණ සිටියහ.

ඌව වෙල්ලස්ස විශේෂ – ඩී.එස්. ගුණතිලක කතරගම – කේ. ඩී. දේවප්‍රිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT