“මේ අලුත් අවුරුද්දේ ලෝකවාසී හා ලංකාවාසී ජනතාවගේ වා, පිත්, සෙම යන තුන්දොස් සමනය වී නිරෝගී සුවය ලැබේවා” යැයි ප්‍රාර්ථනා කරමින් දඹාන ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් හිස තෙල් ගැල්වීමේ චාරිත්‍රයට එක්වෙමින් ඊයේ (16) උදෑසන 9.04ට යෙදුණ සුබ නැකතින් හිස තෙල් ගැල්වීමේ චාරිත්‍රය, දඹාන ආදිවාෂී කොටබකිණිය ගම්මානයේදී සිදුකෙරිණි. ආදිවාසී ගම්මානයේ ගම්වාසීන් පිරිසක් හා නායකතුමන්ගේ පවුලේ ඥාතීහු ඒ සඳහා සහභාගි වී සිටියහ. නායකතුමාගේ බාල සහෝදරයකු වන ගුණබණ්ඩියා ඇත්තන්ගේ හිස තෙල් ගල්වා මෙම හිස තෙල් ගැල්වීම එහිදී ආරම්භ කෙරිණි.
අලුත් අවුරුදු චාරිත්‍රවලින් හිස තෙල් ගෑමේ චාරිත්‍රය පමණක් ආදිවාසීන් අනුගමනය කරන අතර එහිදී ඔවුන් “හැක්ම” චාරිත්‍රය සඳහා භාවිත කරන ආයුධ, දේව ආභරණ, වස්ත්‍ර සඳහා ප්‍රථමයෙන් නානු මිශ්‍ර තෙල් ගල්වා දෙවනුව ආදිවාසී ජනතාවගේ හිස තෙල් ගැල්වීම ආදිවාසි නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් විසින් සිදු කරනු ලබයි. වසර පුරා රෝග පීඩාවලින් ආරක්ෂා කරදී නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම මෙම හිස තෙල් ගෑමේ අලුත් අවුරුදු චාරිත්‍රය අනුගමනය කිරීම තුළින් ඔවුන් බලාපොරොත්තු වේ.
මාපාකඩවැව සමූහ එච්.එම්. රංජිත් කරුණාවීර