Home » දිය රළකට හසුවුණු යුවළක් බේරා ගැනෙති

දිය රළකට හසුවුණු යුවළක් බේරා ගැනෙති

by sachintha
April 17, 2025 1:21 am 0 comment

ප්‍රීතිපුර ජීවිතාරක්ෂක ඒකකයේ ඉදිරිපස පසුගියදා (13) 50mක් පමණ වන්නට දියනාමින් සිටියදී හදිසියේම දිය රළකට හසුව දියේ ගිලෙමින් සිටි බර්ගන් කොටස, ෆෙයාර්ලවින් වත්ත, අප්කොට් ලිපිනයේ පදිංචි ජගනාදන් ක්‍රිෂාන්තන් (28) හා ඔහුගේ බිරිය වන ගනේෂන් කෝකිලවානි (28) යන අය ද බේරා ගොඩට ගෙන මූලික ප්‍රථමාධාර ලබා දීමට හැකිව ඇතැයි පොලිස් ජීවිතාරක්‍ෂක ඒකකයේ පොලිස් සැරයන් (39244) චමින්ද මහතා කියා සිටියේය. අනතුරුව එම පිරිසේ භාරකරු වන අම්බලම්මාන වත්ත, උඩ කොටස, ගලහ ලිපිනයේ පදිංචි යෝගේස්වරම් කුගනේස්වරන් යන අයට එම යුවළ බාර දීමට කටයුතු කර තිබේ. පොලිස් ජීවිතාරක්‍ෂක ඒකකයේ පොලිස් සැරයන් (39244) චමින්ද, පොලිස් කොස්තාපල් (26600) සම්පත් යන නිලධාරීහු සහභාගි වී සිටියහ.

දෙහිවල – ඩී.පී. හේරත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT