වැඩි මිලට අලෙවි කිරීම සඳහා වෙළෙඳසලක ගබඩා කර තිබියදී විවිධ වර්ගයේ මත්පැන් තොගයක් සහ නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ විදේශීය දුම්වැටි තොගයක් අත්අඩංගුවට ගත් බව ජා ඇළ පොලීසිය පැවසීය.
ජා – ඇළ පොලිස් වසමේ කොටුගොඩ පිහිටි වෙළෙඳසලක සඟවා තිබියදී මෙම නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි 4,000ක තොගයක් සහ අරක්කු, බියර් ඇතුළු මත්පැන් තොගයක් අත්අඩංගුවට ගෙන ඇත. භාණ්ඩ සමඟ ඒකල කොටුගොඩ පදිංචි 48 හැවිරිදි සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත. ජා – ඇළ පොලීසිය පවසන්නේ ඉකුත් සිංහල අලුත් අවුරුදු උත්සව දිනවල මත්පැන්හල් වසා තිබූ අවස්ථාවේ පාරිභෝගිකයන්ට වැඩි මිලට අලෙවි කිරීම සඳහා මෙම මත්පැන් සහ දුම්වැටි වෙළෙඳසල තුළ රහසේ ගබඩා කර තිබූ බවයි.
ජා – ඇළ විශේෂ – තිස්ස කොටින්කඩුව සහ ජා -ඇළ සමූහ – ප්‍රසංග