Sunday, April 20, 2025
Home » වැඩි මිලට විකුණන්න හැදූ මත්පැන්: රට සිගරැට් තොගයක් අල්ලයි

වැඩි මිලට විකුණන්න හැදූ මත්පැන්: රට සිගරැට් තොගයක් අල්ලයි

by sachintha
April 17, 2025 1:19 am 0 comment

වැඩි මිලට අලෙවි කිරීම සඳහා වෙළෙඳසලක ගබඩා කර තිබියදී විවිධ වර්ගයේ මත්පැන් තොගයක් සහ නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ විදේශීය දුම්වැටි තොගයක් අත්අඩංගුවට ගත් බව ජා ඇළ පොලීසිය පැවසීය.

ජා – ඇළ පොලිස් වසමේ කොටුගොඩ පිහිටි වෙළෙඳසලක සඟවා තිබියදී මෙම නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි 4,000ක තොගයක් සහ අරක්කු, බියර් ඇතුළු මත්පැන් තොගයක් අත්අඩංගුවට ගෙන ඇත. භාණ්ඩ සමඟ ඒකල කොටුගොඩ පදිංචි 48 හැවිරිදි සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත. ජා – ඇළ පොලීසිය පවසන්නේ ඉකුත් සිංහල අලුත් අවුරුදු උත්සව දිනවල මත්පැන්හල් වසා තිබූ අවස්ථාවේ පාරිභෝගිකයන්ට වැඩි මිලට අලෙවි කිරීම සඳහා මෙම මත්පැන් සහ දුම්වැටි වෙළෙඳසල තුළ රහසේ ගබඩා කර තිබූ බවයි.

ජා – ඇළ විශේෂ – තිස්ස කොටින්කඩුව සහ ජා -ඇළ සමූහ – ප්‍රසංග

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT