Home » ඡන්ද පත්‍රිකාවලින් 92% ක්ම බෙදා අවසන්

ඡන්ද පත්‍රිකාවලින් 92% ක්ම බෙදා අවසන්

by chanaka
April 17, 2025 3:12 pm 0 comment

තැපැල් ඡන්ද පත්‍රිකාවලින් සියයට අනූ දෙකක්ම බෙදා අවසන් කර ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි.

අප්‍රේල් 27වැනි ඉරිදා දිනය විශේෂ දිනයක් ලෙස සලකා නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරිමේ කටයුතු සිදුකෙරේ.

ලබන මස 6 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වන විට සුදානම් කෙරෙමින් පවති.

ඒ අනුව තැපැල් ඡන්ද සහ නිල ඡන්ද පත්‍රිකා යන දෙකම බෙදා හැරිමේ කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව මගින් මේ වන විට සිදු වේ.

නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරිමේ විශේෂ දිනය වන අප්‍රේල් 27 වන ඉරිදා හැකිතරම් නිවාස වල රැදි සිටින ලෙස තැපැල්පතිවරයා ඉල්ලා සිටියි.

මේ අතර රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්ප කුමාර මහතා පවසන්නේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ලබන 20 වැනිදා වන විට අවසන් කර මැතිවරණ කොමිසමට භාරදීමට සුදානමින් සිටින බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT