සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, සම්මානිත මහාචාර්ය අභාවප්‍රාප්ත ජයසේන කෝට්ටේගොඩ මහතාගේ දේහය අද (17) පෙරවරු 11 සිට පස්වරු 4 දක්වා අවසන් ගෞරවය සඳහා විශ්වවිද්‍යාල පරිශ්‍රයේ තැන්පත් කෙරේ.
මාතර කෝට්ටේගොඩ උපත ලද ජයසේන කෝට්ටේගොඩ මහතා ගොඩඋඩ කනිටු විදුහලෙන් සහ ගොඩඋඩ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පසුව රජයේ නැටුම් හා මුද්‍රණ නාට්‍ය විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය හදාරා තිබේ.
සෞන්දර්ය අධ්‍යයන ආයතනයෙන් බිහි වූ ප්‍රථම ලලිත කලාවේදී උපාධිධාරී කණ්ඩායමේ සාමාජිකයකු වූ ජයසේන කෝට්ටේගොඩ මහතා පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවයට එක්විය.
පහතරට නර්තන සම්ප්‍රදාය මෙන්ම ශාන්තිකර්ම පර්යේෂණ ක්ෂේත්‍රය නව මඟකට යොමු කළ ඒ මහතා විෂයගත පර්යේෂණ කෘති තිහක් පමණ රචනා කර තිබේ. ශ්‍රී ලංකා, ඉන්දීය නැටුම් සම්ප්‍රදායන්, සංගීතය, ජනප්‍රවාද සහ ජනකලා ඇතුළු විවිධ විෂයයන් යටතේ ඔහු මෙම කෘති රචනා කර තිබේ. එම පර්යේෂණ කෘති රාජ්‍ය සම්මානයෙන් ද පිඳුම් ලැබ තිබේ.
චිත්‍රපට ක්ෂේත්‍රයේ නර්තන ශිල්පියකු සහ නර්තන අධ්‍යක්ෂවරයකු ලෙසත් ගුවන් විදුලි සහ රූපවාහිනී වැඩසටහන් රැසක බාහිර නිෂ්පාදකයකු ලෙසත් මහදුරු ජයසේන කෝට්ටේගොඩ මහතා සිය දායකත්වය සපයා තිබේ.
ඒ මහතාගේ දේහය අද (17) සවස 4ට කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල භූමියේ සිට දේහය බොරලැස්ගමුව කනත්ත දක්වා රැගෙන යන අතර සවස 5ට අාදාහන කටයුතු සිදු කෙරේ.