අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කරමින් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන්ට හිසතෙල් ගෑම බන්ධනාගාර පරිශ්‍රයේදී සිදු කෙරිණි. මෙහිදී සංකේතාත්මකව රැඳවූවන් 250කට පමණ හිසට කොහොඹ පත් ද පයට කොලොන්පත් ද තබා කොහොඹපත් යුෂ මිශ්‍ර නානු ගෑම සිදු කළ අතර, මරණ දණ්ඩනය නියම වූ සිරකරුවන් 400කට පමණ ද අදාළ සිර වාට්ටු වෙත ගොස් එම චාරිත්‍ර ඉටු කිරීම විශේෂත්වයක් විය. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් වෙනුවෙන් ද හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කෙරුණු අතර, එහිදී රැඳවූ කාන්තාවන් 400ක පමණ ප්‍රමාණයකට නානු ගෑම පුනරුත්ථාපන නිලධාරිනියන්ගේ සංවිධානයෙන් සිදු කෙරිණි.
බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් වැලිකඩ බන්ධනාගාරයේදී පැවැත්වූ අතර, වැලිකඩ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරි නිමල් ශාන්ත, සහකාර බන්ධනාගාර අධිකාරි ඉන්දික දයාරත්න මහත්වරුන්ගේ උපදේශකත්වයෙන් බන්ධනාගාර නිලධාරින්ගේ, පුනරුත්ථාපන නිලධාරින්ගේ සහයෝගයෙන් මේ වැඩසටහන පැවැත්විණි.
බුද්ධිකා ඉඹුලාන