ලෝකයේ රටවල් 150කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වූ එක්ස්පෝ 2025 ඔසාකා (Expo 2025 Osaka) සඳහා ශ්‍රී ලංකාව ද එක්ව තිබේ.Óඅපගේ ජීවිත සඳහා අනාගත සමාජයක් නිර්මාණය කිරීමÓ යන්න තේමාව කර ගනිමින් ජපානයේ ඔසාකාහි දී පැවැති මේ මණ්ඩපයට ශ්‍රී ලංකාව එක්ව තිබෙන අතර ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රජාව සමඟ සහයෝගයෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ශ්‍රී ලංකා මණ්ඩපය එක් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමය සහ අනාගත සංවර්ධන දැක්ම පිළිඹිබු කර තිබෙන අතර Òසාගර සම්පත් තිරසර කළමනාකරණයÓ යන තේමාව යටතේ ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා මණ්ඩපය, ජෛව විවිධත්වය, සමුද්‍රීය උරුමය සහ වර්ධනය වන සේවා ආර්ථිකයේ නැංගුරම් ලා ඇති ස්වභාව ධර්මයට හිතකර අනාගතයක් සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබිඹු කර තිබේ.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේසත් තාඹුගල මහත්මිය, ශ්‍රී ලංකාවේ සංස්කෘතික අනන්‍යතාව සහ වෙළෙඳාම, ආයෝජන සහ සංචාරක ගමනාන්තයක් ලෙස එහි විභවය ප්‍රදර්ශනය කිරීමට ගෝලීය වේදිකාවක් ලෙස මේ ප්‍රදර්ශනයේ වැදගත්කම අවධාරණය කළාය. ඊට අමතරව ශ්‍රී ලංකා මණ්ඩපය සංවිධානය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ජපානයේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම එක් එක් සංගම් විසින් ලබාදුන් දායකත්වය සහ අගය කිරීම වෙනුවෙන් ජපන් රජයට කෘතඥතාව පළකර ඇත. මාස හයක කාලයක් පැවැත්වෙන ප්‍රදර්ශනය පුරාවටම ලංකා තේ, පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු, ආයුර්වේදය, අත්කම් භාණ්ඩ සහ ICT, කුසලතා රැකියා සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීම ඇතුළත් වන අතර ඊට අමතරව ශ්‍රී ලංකාවේ තේ වගා කරන කලාප හතෙන් විශේෂිත තේ සාම්පල රස විඳිය හැකිවීම ද විශේෂත්වයකි.
සංචාරක, වෙළෙඳාම සහ හවුල්කාරිත්වයන් සඳහා ආකර්ශනීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කරමින් සංස්කෘතික ප්‍රසංග මාලාවක්, ආයෝජක සංසඳ සහ ව්‍යාපාරික ජාලකරණ සිදුවීම් ද පැවැත්වීමට නියමිතය.
මහින්ද අලුත්ගෙදර