Saturday, April 19, 2025
Home » නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් ගෙනා වියළි කහ කිලෝග්‍රෑම් 145ක සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් ගෙනා වියළි කහ කිලෝග්‍රෑම් 145ක සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

by sachintha
April 17, 2025 1:42 am 0 comment

උඩප්පුව, කරුකපනේ මුහුදු ප්‍රදේශයේ සහ එම වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සහ කළ වියළි කහ කිලෝග්‍රෑම් 145ක තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් හයදෙනකු පසුගියදා (13) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ. එම ඩිංගි යාත්‍රාවේ උර තුනක අසුරා තිබූ නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සහ කළ වියළි කහ කිලෝග්‍රෑම් එකසිය හතලිස් පහක පමණ තොගයක් සමඟ සැකකරුවන් සිවුදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත. මෙම ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් පුද්ගලයින් දෙදෙනකු සහ යතුරුපැදි දෙකක් ද, එහිදි නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් හයදෙනා වයස අවුරුදු 22ත් 52ත් අතර වයසේ පසුවන, බංගදෙණිය, වයික්කාල සහ කල්පිටිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

සැකකරුවන් හයදෙනා, වියළි කහ තොගය, යතුරුපැදි දෙක සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT