Home » බිරියට-දියණියට පොරවකින් කෙටූ පියා ගෙල වැලලාගෙන මරු දකී

බිරියට-දියණියට පොරවකින් කෙටූ පියා ගෙල වැලලාගෙන මරු දකී

by sachintha
April 17, 2025 1:41 am 0 comment

දැදිගම පොලිස් වසමට අයත් මැණික් කඩවර ප්‍රදේශයේ පදිංචි සිය බිරියට හා දියණියට පොරවකින් පහර දුන් පියකු ගෙල වැලලාගෙන ගෙන මියගොස් ඇතැයි දැදිගම පොලීසිය පවසයි.

පහර කෑමෙන් මරණකරුගේ බිරිය හා දියණිය බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද පොලීසිය කියයි. මෙලෙස මරණයට පත්ව ඇත්තේ පිටවල මැණික්කඩවර ලිපිනයේ පදිංචි 78 හැවිදිරි පස්දරු පියෙකි.

තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ මරණකරුගේ 72 හැවිරිදි බිරිය හා 51 හැවිරිදි අවිවාහක වැඩිමහල් දියණියයි. එම අවස්ථාවේ නිවසේ මරණකරු ඔහුගේ බිරිය සමඟ දියණියන් දෙදෙනකු හා මිනිබිරියක සිට තිබූ බව පොලීසිය කියයි. මරණකරු නිවසේ ඉදිරිපස සියලුම දොරවල් අගුළු දමා පසුව මුළුතැන්ගෙයි දොර ලණු දමා බැඳ අලුයම 1.30ට පමණ නිවසේ කාමර තුළ නිදා සිටි බිරියට හා අවිවාහක දියණියට පොරවෙන් කොටා ඇත. ඔවුන් විලාප දෙන හඬ ඇසුණු අනෙක් කාමරයේ නිදා සිටි දියණිය හා මිනිබිරිය අවදි වී කාමරයෙන් පිටතට පැමිණීමට සූදානම් වූ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා මරණකරුගේ ග්‍රහණයෙන් මිදී මහත් පරිශ්‍රමයක් යොදා නිවෙසින් පිටතට පැමිණ අසල්වාසියන් දැනුම්වත් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

අවට නිවෙස්වල පිරිස් පැමිණ තුවාලකරුවන් රෝහල්ගත කර ඇත. මඳ වේලාවකින් පසු මරණකරු මුළුතැන්ගෙයි බාල්කයක ගෙල වැලලාගෙන සිටි බවට අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

පසුව සිද්ධිය වූ ස්ථානයට පැමිණි වරකාපොළ මහේස්ත්‍රාත් ලුෂාකා කුමාරී ධර්මකීර්ති මහත්මිය සිදු කරන ලද ස්ථානීය පරීක්ෂණයෙන් පසුව මරණකරුගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කෑගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කරන ලෙසත් ඉන්පසුව දේහය ඥාතීන් වෙත භාරදෙන ලෙසත් දේහය ආදාහනය නොකර භූමදානය කරන ලෙසත් පොලීසියට නියෝග කළේය.

කෑගල්ල දිස්ත්‍රික් සමූහ – දයාරත්න බණ්ඩාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT