Sunday, April 20, 2025
Home » පානම මෝය කටේ ගිලුණු දෙදෙනාගෙන් එක් අයකුගේ සිරුරක් හමුවෙයි

පානම මෝය කටේ ගිලුණු දෙදෙනාගෙන් එක් අයකුගේ සිරුරක් හමුවෙයි

by sachintha
April 17, 2025 1:35 am 0 comment

අම්පාර දිස්ත්‍රික්කයේ පානම පොලිස් බලප්‍රදේශයේ පානම මෝය කට අසල දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන්වූ තරුණයන් දෙදෙනාගෙන් එක් අයකුගේ සිරුරක් ඊයේ (16) දහවල් 11.00ට පමණ වෙරළට ගොඩ ගසා තිබී හමුවී ඇත.

‍මෙම තරුණයන් දෙදෙනා පෙරේදා (15) සවස මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේ මෙසේ අතුරුදන්වී තිබේ. ඔවුන් දෙදෙනා ඥාති පවුල්වල සහෝදරයන් වන බව ද පොලීසිය සඳහන් කරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ ධීවර ප්‍රජාව අතුරුදන් වූ අනෙක් තරුණයා සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබිණි.

මෙම අනතුරට මුහුණ පා ඇත්තේ, පානම මධ්‍යම සහ පානම ශාස්ත්‍රවෙල යන ප්‍රදේශවල පදිංචි ෂෙහාන් ධනුෂ්ක සහ දිනේෂ් යන 23 හැවිරිදි තරුණයන් දෙදෙනාය.

නැ‍ඟෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සනත් අමරසිංහ මහතාගේ මෙ‍ෙහයවීමෙන් පොතුවිල් සහකාර පොලිස් අධිකාරි වේහිත දේවප්‍රිය මහතාගේ අධික්ෂණය යටතේ පානම වැඩබලන ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.අයි. සාකීර් මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

දිගාමඬුල්ල විශේෂ – වසන්ත චන්ද්‍රපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT