Home » කොංගෝවේ බෝට්ටුවක් පෙරළීමෙන් 50ක් මරුට

කොංගෝවේ බෝට්ටුවක් පෙරළීමෙන් 50ක් මරුට

by chanaka
April 17, 2025 3:25 pm 0 comment

වයඹ දිග කොංගෝවේ බෝට්ටුවක් ගිනිගෙන පෙරළීමෙන් පනස්දෙනෙකු මිය ගොස් සියදෙනෙකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මගීන් 400 දෙනෙකු රැගත් මෝටර් ලී බෝට්ටුවක් ගිනි ගෙන මෙලෙස පෙරළී තිබේ.

කොංගෝ ග‍ගේ යාත්‍රා කරමින් තිබු මගී බෝට්ටුවක ඇතිවු ගින්නක් සමඟ මගීන් කළබලවීම හේතුවෙන්, බෝට්ටුව පෙරලී ඇති බව වාර්තා වේ.

අතුරුදන්වුවන් සෙවීමේ මෙහෙයුම් රතුකුරුස සංවිධානය සහ පළාත් බලධාරින්ගේ සහය ඇතිව සිදුකෙරේ.

බෝට්ටුව ගිනිගැනීමත් සමඟ කාන්තාවන් සහ ළමුන් පිරිසක් බෝට්ටුවෙන් ඉවතට පැන ඇති අතර දියේ ගිලීමෙන් ඔවුන් මියගොස් ඇති බව සදහන් වේ.

කොංගෝවේ මාටන්කුමු වරායෙන් බොලොම්බා ප්‍රදේශය බලා පිටත්ව ගිය බෝට්ටුවක් මෙලෙස අනතුරට පත්ව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT