Home » අමෙරිකාවේ උපජනාධිපති 21දා ඉන්දියාවට

අමෙරිකාවේ උපජනාධිපති 21දා ඉන්දියාවට

by sachintha
April 17, 2025 1:34 am 0 comment

ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමක් සම්බන්ධව අවධානය යොමු කරමින් අමෙරිකාවේ උපජනාධිපති ජේ.ඩී.වැන්ස් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ මස 21 දින ආරම්භ වීමට නියමිත අමෙරිකාවේ උපජනාධිපතිවරයාගේ සිවුදින ඉන්දීය නිල සංචාරය අතරතුර නවදිල්ලි නුවරදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවත්, අනතුරුව ඔහු සිය පවුලේ සාමාජිකයන් සමඟ අග්‍රා සහ ජායිපූර් නගරවල සංචාරයක නිරත වීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

පසුගිය මාසයේදී අමෙරිකාවේ ජාතික බුද්ධි අංශ ප්‍රධානි තුල්සි ගැබාර්ඩ්ගෙන් පසු ඉන්දියාවේ සංචාරය කරන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජයේ දෙවැනි රාජ්‍යතාන්ත්‍රිකයා වන වැන්ස් සිය සංචාරය අමෙරිකාවට මෙන්ම ඉන්දියාවට ද වෙළෙඳ අවස්ථාවන් ඉහළ දැමීමේ අවස්ථාවක් වනු ඇතැයි අනාවැකි පළවූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. අමෙරිකාවේ උපජනාධිපතිවරයාගේ සංචාරයට සමගාමීව එරට ආරක්ෂක උපදේශක මයිකල් වෝල්ට්ස් ද මේ මස 21 සිට 23 දක්වා කාලසීමාවක් සඳහා ඉන්දියාවේ සංචාරය කිරිමට නියමිත බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT