Home » මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබූ පේරු රාජ්‍යයේ හිටපු ජනපතිට වසර 15ක සිර දඬුවම්

මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබූ පේරු රාජ්‍යයේ හිටපු ජනපතිට වසර 15ක සිර දඬුවම්

by sachintha
April 17, 2025 1:31 am 0 comment

මුදල් විශුද්ධිකරණය සම්බන්ධව වරදකරු වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලාට ලිමා අගනුවර අධිකරණයකින් වසර 15ක සිර දඬුවම් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පේරු ජාතිකවාදී පක්ෂය නියෝජනය කරමින් 2011 වසරේ සිට 2016 වසර දක්වා එරට ජනාධීපතිවරයා ලෙස කටයුතු කළ ඔලන්ටා සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා බ්‍රසීලියානු ඉදිකිරීමේ සමාගමකින් ඩොලර් මිලියන 3ක් සහ වෙනිසියුලානු නායක හියුගෝ චාවේස්ගෙන් ඩොලර් ලක්ෂ 2ක මුදලක් ලබාගැනීම සම්බන්ධව එම චෝදනා ගොනු කර තිබූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. හිටපු ජනාධිපතිවරයා මුදල් විශුද්ධිකරණය සම්බන්ධව වරදකරු ලෙස තහවුරු වූ අතර ඔහුගේ බිරිය නදින් හර්ඩියා ද වසර 15ක සිර දඬුවම් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේ වෙතත් බ්‍රසීල තානාපති කාර්යාලය හරහා ඇය විසින් අයදුම් කරනු ලැබූ එරට සරණාගතභාවය අනුමත වී ඇති බැවින් ඇයට සහ ඇගේ පුත්‍රයාට බ්‍රසීලයට යෑමට අවසර ලැබී ඇතැයි ද වාර්තා වේ. 62 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා මේ වනවිට බන්ධනාගාරගත කර ඇතැයි ද, ඔහුගේ නීතිඥ කණ්ඩායම දඬුවමට එරෙහිව අභියාචනාවක් ගොනු කිරීමට සැලසුම් කර ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT