Home » දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන සමයේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විශේෂ වැඩසටහනක්

දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන සමයේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විශේෂ වැඩසටහනක්

by chanaka
April 17, 2025 2:47 pm 0 comment

මහනුවර ශ්‍රී දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන සමයේ නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැලැක්වීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

සුරාබදු සම මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ඒ.ඒ. රොෂාන් පෙරෙරා මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන් වේ.

හෙට(18) සිට ලබන 27වැනිදා දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ තැම්පත් කර ඇති ශ්‍රී දළදා වහන්සේ ලංකාවාසී බෞද්ධ ජනතාවට වන්දනා කිරීම සදහා ප්‍රදර්ශනය කෙරේ.

එම දිනවල ලක්ෂ සංඛ්‍යාත සැදැහැවත් ජනතාවක් මහනුවර නගරයට හා ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයට පැමිණීමට නියමිතය. එම ජනතාවගේ ආරක්ෂාව සදහා ශ්‍රී ලංකා පොලීසිය හා ත්‍රිවිධ හමුදාවට සහය වෙමින් මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයත්, ව්‍යාප්තවීමත් වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහනක් සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත බව සුරාබදු කොමසාරිස් ජනරාල් යූ. එල්. උදය කුමාර මහතා ප්‍රකාශ කර සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT