Saturday, April 19, 2025
Home » අද මහනුවර එන අයට විශේෂ දැනුම්දීමක්

අද මහනුවර එන අයට විශේෂ දැනුම්දීමක්

by chanaka
April 17, 2025 11:33 am 0 comment

“සිරි දළදා වන්දනාව” වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්ම අද (17) සිට ක්‍රියාත්මක කර තිබේ.

සැදැහැවතුන් පැමිණෙන රථ වාහන මහනුවර නගරය වෙත පැමිණීමත් සමග නගරයේ ඇති විය හැකි වාහන තදබදය අවම කරගැනීම සඳහා රථ වාහන මහනුවර නගරයට ඇතුළු වීම අද සිට සීමා කෙරෙන බව පොලීසිය සඳහන් කළේය.

“සිරි දළදා වන්දනාව” සඳහා සැදැහැවතුන් පැමිණෙන රථ වාහන ගාල් කිරීමට විශේෂ ස්ථාන සකස් කර ඇති අතර එම ස්ථානවල සිට ශ්‍රී දළදා මාළිගාව දක්වා බස් රථ සේවා මඟින් ප්‍රවාහන පහසුකම් සලසා ඇත.

මේ අතර සිරි දළදා වන්දනාවෙන් අනතුරුව සැදැහැවතුන් හට යළි රථ ගාල් වෙත පැමිණීම සඳහා ද පොදු ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පැවසීය.

“සිරි දළදා වන්දනාව” හෙට (18) දින පස්වරු 3.30ට ආරම්භ කර එදින පස්වරු 5.30 දක්වා පැවැත්වේ. ඒ අනුව හෙට (18) සිට පුරා දින 10ක් ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව දෙස් – විදෙස් ජනතාවට හිමිවනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT