265
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (17) දිනයේ දී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත්වලත්, රත්නපුර, මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙම තත්ත්වය තුළ එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමාකරන ලෙසත්, ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.