Home » මෙවර අලුත් අවුරුද්දේ රිය අනතුරුවල වැඩිවීමක් ඇතිදැයි සොයා බැලීමක්

මෙවර අලුත් අවුරුද්දේ රිය අනතුරුවල වැඩිවීමක් ඇතිදැයි සොයා බැලීමක්

by chanaka
April 16, 2025 12:09 pm 0 comment

චානක ඉනෝජ්

මේ දින කිහිපයේ දී පසුගිය අලුත් අවුරුදුවල අදාළ කාලයට සාපේක්ෂව රට තුළ සිදුවන රිය අනතුරු වල කැපී පෙනෙන වැඩි වීමක් ඇතිදැයි සොයා බලන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවනරෝග ඒකකයේ අනතුරු නිවාරණ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසයි.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට වඩා කොළඹින් බැහැර ප්‍රදේශ වලින් අනතුරු වැඩි වැඩියෙන් වාර්තා වෙමින් පවතින බවද ඔහු කියයි.

එසේම පසුගිය 13 හා 14 දින දෙකේ දී හදිසි අනතුරු සම්බන්ධයෙන් පුද්ගලයින් 400දෙනෙකුට අධික පිරිසක් රෝහල් ගත කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා සදහන් කළේය.

ඉන් 80කට ආසන්න සංඛ්‍යාවකට ශල්‍ය කර්ම කිරීමට සිදු වූ බව ඒ් මහතා කියා සිටියේය.

කෙසේ නමුත් ගිනිකෙළි ආශ්‍රිත අනතුරුවල අඩුවක් දක්නට ඇත. වාහන අනතුරු හේතුවෙන් වැඩි පිරිසක් රෝහල් ගත කෙරිණි. උත්සව සමයේ සිදුවන අනතුරු අවම කර ගැනීමට ජනතාව ක්‍රියා කළ යුතු බව හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, 13 සහ 14 දිනවල ක්‍රියාත්මක කළ මෙහෙයුම් වලදී බීමත් රියැදුරන් 800 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පොලිසිය පියවර ගෙන ඇති බවයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT