නීතිවිරෝධී අන්දමින් ‘කුෂ්’ ගංජා කිලෝග්‍රෑම් 23ක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ඇමෙරිකානු ජාතිකයකු රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එක්සත් ජනපදයේ ඉඩම් වෙළෙඳාමට සම්බන්ධ සමාගමක සේවය කරන 31 හැවිරිදි සැකකරු තායිලන්තයේ බැංකොක් සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL-403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබේ.
ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ව්‍යාපාරිකයන් සදහා වූ ‘Red Channel” හරහා ගුවන් තොටුපළෙන් පිටවීමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
පරීක්ෂා කිරීමේදී ඔහුගේ ගමන් මල්ල තුළ කිලෝග්‍රෑම් එකේ පැකට් 23ක සඟවා තිබූ ‘කුෂ්’ නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 23ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 230 කට ආසන්න වේ.
මෙම මෙහෙයුම නිරීක්ෂණය කිරීම සඳහා රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් සහ රේගු මාධ්‍ය ප්‍රකාශක සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ ඇතුළු පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.